BlackBerry වෙතින් අඩු මිලට ස්මාර්ට් ජංගම දුරකතනයක්. යළි නැගිටීමේ වෑයමක්

    June, 19, 2014

    දැවැන්ත පසුබෑමකට ලක්ව සිටින කැනේඩියානු බ්ලැක්බෙරි සමාගම සිය ආධිපත්‍යය නැවතත් ලබාගැනීමේ අරමුණෙන් සිය නවතම ස්මාර්ට් ජංගම දුරකතනය ඉන්දීය වෙළඳ පොළට ලබන සතියේදී හඳුන්වා දීමට සූදානම් වේ.

    Z3 යනුවෙන් නම්කර තිබෙන මෙම දුරකතනය ඉන්දියානු රුපියල් 12,000 කට අඩුවෙන් අලෙවි කිරීමට සූදානම් වන බවත් මින් සැම්සුන්ග්, මෝටරෝලා, මයික්‍රොමැක්ස් යන සමාගම් වල ස්මාර්ට් ජංගම දුරකතන වලට තරගයක් දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් සඳහන්ය.

    මෙම දුරකතනය මේ වසරේ මුල් කාලයේදී ඉන්දුනීසියාවට හඳුන්වා දුන් අතර නවතම බ්ලැක්බෙරි 10 මෙහෙයුම පද්ධතිය සහිත මිල අඩුම ජංගම දුරකතනය වන්නේ මෙයයි.

    වාර්තාවන ආකාරයට මෙම දුරකතනය ඉන්දීය වෙළඳ පොළට හඳුන්වා දීමට සූදානම් වන්නේ ජුනි 25 වනදායි.

    බ්ලැක්බෙරි සමාගම කලක් ලෝකයේ ඉහළින්ම වැජඹුණු දුරකතන නිෂ්පාදන සමාගමක් වුවත් නවෝත්පාදනයන් අඩුවීම නිසා සමාගම පසුගිය කාලයේදී දැඩි අර්බුදයකට පත්විය.