June, 25, 2014
ටච්වුඩ් රුක් රෝපණ සමාගම ඈවර කර වසා දමන්නැයි අධිකරණය විසින් පසුගියදා කළ නියෝගය අවලංගු කරන්නැයි ඉල්ලමින් ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට් පී.එල්.සී සමාගම විසින් අධිකරණයට ඇපෑලක් ගොනුකර තිබේ.
ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට් පී.එල්.සී සමාගම ඈවර කර වසා දමන්නැයි 2014 ජුනි 05 වනදා අධිකරණය විසින් නියෝග කළ අතර ඒ සඳහා කොළඹ වාණිජ මහාධිකරණය විසින් මේ වනවිට ජී.කේ. සුදත් කුමාර් නැමැත්තා ඈවරකරුවා ලෙස පත්කර ඇත.
ටච්වුඩ් සමාගම විසින් ණය කරුවන්ට බලාපොරොත්තු ප්‍රතිලාභ නොගෙවූ බවටත් ලබාදී තිබෙන සමහර චෙක්පත් අගරු වූ බවටත් චෝදනා කරමින් සමාගම වසා දමන ලෙස ණය කරුවන් පිරිසක් කොළඹ, අංක 03 වාණිජ මහාධිකරණය වෙත නඩුවක් ගොනුකර තිබූ අතර එම නඩුවට අදාළ තීන්දුව ලබාදෙමින් සමාගම ඈවර කර වසා දමන්නැයි අධිකරණය නියෝග කළේය.
Video Story