July, 28, 2026
ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පික්ල්බෝල් සහ ක්‍රිකට් ක්‍රීඩාවට නව ජවයක්
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින්, ලෝක මට්ටමේ පහසුකම්වලින් සමන්විත Prime Sports Hub ක්‍රීඩා මධ්‍යස්ථානය පසුගියදා මාලබේ, තලාහේන ප්‍රදේශයේදී උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව නිර්මාණය කර ඇති මෙම නවීන ක්‍රීඩා මධ්‍යස්ථානය තුළ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට උසස් තත්ත්වයේ ඇක්‍රිලික් බිමක් සහිත ගෘහස්ථ පික්ල්බෝල් ක්‍රීඩා පිටියක් සහ නවීන ගෘහස්ථ ක්‍රිකට් පුහුණු දැල් එකම ස්ථානයක ස්ථාපිත කර තිබීම විශේෂත්වයකි.
මෙහි භාවිතා කර ඇති ක්‍රීඩා බිම් ආවරණ තාක්ෂණය, යුරෝපීය පික්ල්බෝල් ශූරතා ඇතුළු ජාත්‍යන්තර තරඟාවලි සඳහා භාවිතා වන ප්‍රමුඛ පෙළේ නිෂ්පාදකයෙකු විසින් සපයනු ලබන අතර, ඒ හරහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ද ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා අත්දැකීමක් හිමිවනු ඇත.
Prime Sports Hub යනු ක්‍රීඩා පිටිවලින් පමණක් සමන්විත මධ්‍යස්ථානයක් නොව, ක්‍රීඩාව, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව සහ ප්‍රජා සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ක්‍රීඩා කේන්ද්‍රස්ථානයකි.
මෙහි කණ්ඩායම් පුහුණුව, පාසල් හා ආයතනික කණ්ඩායම් සඳහා වෙන්කිරීම්, තරඟාවලි සංවිධානය සහ විවිධ ප්‍රජා ක්‍රීඩා වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.එහි නියෝජිතයෙකු අදහස් දක්වමින් පැවසුවේ,“අපගේ අරමුණ ක්‍රීඩා කිරීමට පහසුකම් සැපයීම පමණක් නොව, සියලු වයස් කාණ්ඩවල පුද්ගලයන් එකට එක්වන ක්‍රීඩා ප්‍රජාවක් ගොඩනැගීමයි.
උසස් යටිතල පහසුකම්, ගුණාත්මක පුහුණුව සහ විශිෂ්ට පාරිභෝගික සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංස්කෘතියට නව මානයක් එක් කිරීම අපගේ අපේක්ෂාවයි.”ආරම්භක ක්‍රීඩකයන්ගේ සිට වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් දක්වා සියලු දෙනාටම සුදුසු පරිසරයක් සලසා ඇති මෙම මධ්‍යස්ථානය, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පික්ල්බෝල් සහ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාවන්ගේ ප්‍රවර්ධනය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ක්‍රීඩා ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ අදහසයි.
Prime Sports Hub සියලුම පුද්ගලයන්, කණ්ඩායම්, පාසල්, විශ්වවිද්‍යාල සහ ආයතනික කණ්ඩායම් සඳහා විවෘතව පවතින අතර, උසස් තත්ත්වයේ ක්‍රීඩා අත්දැකීමක් අපේක්ෂා කරන සැමට ආරාධනා.




Video Story