July, 28, 2026
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH), ජාත්‍යන්තරව ප්‍රචලිත Wendy’s සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින් තම පාරිභෝගික ආහාර නිෂ්පාදන කළඹ (Consumer Foods portfolio) ක්ෂණික ආහාර සේවා (Quick Service Restaurant - QSR) අංශය දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ.
මීට අදාළ නියෝජිතත්ව ගිවිසුම් (franchise agreements) සහ අනෙකුත් මූලික කටයුතු මේ වන විටත් අවසන් කර ඇති බව එම සමාගම සඳහන් කරයි. මෙම නව ව්‍යාපෘතිය යටතේ මෙරට පළමු Wendy’s අවන්හල 2026 වසරේ දෙසැම්බර් මාසය වන විට විවෘත කිරීමට නියමිතය.
මෙම පියවර හරහා JKH, මෙරට වේගයෙන් වර්ධනය වන ක්ෂණික ආහාර වෙළඳපොළ තුළ සිය ස්ථාවරය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story