June, 26, 2014
ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් ආයතනය ලොව විශාලතම තොරතුරු තාක්ෂණික සේවා සපයන දැවැන්තයා වන Google සමාගම විසින් ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆැන්සිස්කෝ නුවර පැවැත්වෙන Google I/O Extended 2014 සම්මන්ත‍්‍රණය මෙරට තොරතුරු තාක්ෂණික ක්ෂේත‍්‍රයේ නියැලෙන පිරිස් වෙත සජීවීව නැරඹීමට අවස්ථාව සලසාදෙයි.
මෙසේ මොබිටෙල් ආයතනය විසින් දෙවන වරටත් කොළඹදී පවත්වන ලද Google I/O Extended 2014 සම්මන්ත‍්‍රණය සදහා 3000කට අධික මෘදුකාංග (Software) සංවර්ධකයින් සහ තාක්ෂණය පිළිබද ඇල්මක් දක්වන පිරිසක් සහභාගිවීම සදහා ලියාපදිංචි වූ අතර එය ඇතැම් රටවල පැවති Google I/O Extended 2014 සම්මන්ත‍්‍රණ සදහා ලියාපදිංචි වූ පුද්ගල සංඛ්‍යාව අභිබවා ගියේය. එමනිසා කොළඹදී පවත්වන ලද Google I/O Extended 2014 සම්මන්ත‍්‍රණය ලොව සෙසු රටවල පැවැත්වූ Google I/O Extended 2014 සම්මන්ත‍්‍රණ අතරින් වඩාත් කැපී පෙනෙන අවස්ථාවක් ලෙස සනිටුහන්වීම විශේෂත්වයකි.
කොළඹදී පවත්වන ලද Google I/O Extended 2014 සම්මන්ත‍්‍රණය ජුනි 25 වන දින පස්වරු 8 සිට පසුදින අළුයම 6 දක්වා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි. මොබිටෙල් ආයතනය Google ශ්‍රී ලංකා සහ Google සංවර්ධක කණ්ඩායම (Google Developer Group) සමග සහයෝගිතාවෙන් යුතුව මෙම Google I/O Extended 2014 සම්මන්ත‍්‍රණ සජීවීව විකාශය කළ අතර එම සම්මන්ත‍්‍රණ මුල්කරගෙන අළුයම වනතුරු පැවති මෘදුකාංග (Software) ව්‍යාපෘති තරගය සදහා දායකවීමට ග‍්‍රැෆික් නිර්මාණකරුවන්, අතුරු මුහුණත් (Interface) නිර්මාණකරුවන් සහ ව්‍යාපෘති කළමනාකරුවන් ආදී තොරතුරු තාක්ෂණික ක්ෂේත‍්‍රය පිළිබද උනන්දුවක් දක්වන පිරිස් සහ විශේෂඥයින් වෙත අවස්ථාව උදාවිය.
ඊට අමතරව මෙම සම්මන්ත‍්‍රයේ තුන්වන අදියර ලෙස Google සමාගම හඳුන්වාදුන් නවොත්පාදන පිළිබද දැනුවත්වීමට අවස්ථාව සලස්වාදෙමින් ප‍්‍රදර්ශනයක් ද පවත්වන ලදී. Google I/O Extended 2014 සම්මන්ත‍්‍රණයට සමගාමීව තොරතුරු තාක්ෂණික ක්ෂේත‍්‍රය පිළිබද උනන්දුවක් දක්වන පිරිස් ඉලක්ක කරගනිමින් මෙවන් ප‍්‍රදර්ශනයක් පැවැත්වූයේ ප‍්‍රථම වතාවටය.
Video Story