හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී… ගායකයාගේ පින පෑදේ

    July, 15, 2014

    වසර විස්සක් ලන්ඩනයේ වීදි පුරා ගී ගයමින් මගී ජනතාව පිනවූ 38 හැවිරිදි වීදි ගායකයෙකු සමග දැවැන්ත සංගීත සමාගමක් වන “වෝනර්“ වාර්තාගත ගිවිසුමක් අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    නමින් Si Cranstoun නම් වන මොහු සමග “වෝනර්“ සංගීත සමාගම විසින් අත්සන් කර තිබෙන ගිවිසුමේ වටිනාකම බ්‍රිතාන්‍යය පවුම් ලක්ෂ දහයක් බව සඳහන්ය.

    මෙම වීදි ගායකයාගේ “Caught in the Moonlight“ ගීතය පසුගිය මාසයේදී Radio 2 නැමති ගුවන් විදුලියේ ගීත දර්ශකයටද තෝරා ගෙන තිබෙන බව මෙම වාර්තා කියයි.

    වීදි ගායකයෙකු ලෙස තමන් අතිශය ප්‍රමෝදයට පත්වන බවත් ජනතාව සමග උරෙන් උර ගැටී ඔවුන් පිනවීමට ලැබීම සතුටක් බවත් ඔහු සඳහන් කර තිබේ. මීට වසර අටකට පෙර ඔහුට සිය බිරිඳ මුණ ගැසී තිබෙන්නේද ලන්ඩනයේ වීදියක ගීත ගායනා කරමින් සිටි අවස්ථාවක බව සඳහන්ය.

    ඇය තමන් ළඟට පැමිණ සමරු සටහනක් ඉල්ලා සිටි බවත් අවසානයේදී මුළු ජීවිතයම තමන් ඇයට ලබාදුන් බවත් මොහු පවසා තිබේ.

    මෙම දෙපළට දාව මේ වනවිට සුරතල් දියණියක සහ පුතෙකු සිටින බවත් “වෝනර්“ සමාගම සමග පවුම් මිලියනයක ගිවිසුමක් අත්සන් කළද හුරු පුරුදු වීදි ගායනයට සමු නොදෙන බවත් සඳහන්ය.

    Si Cranstoun වීදියක ගී ගයන අයුරු මෙන්න.wj

    පහළ සේයාරුවෙන් -වීදි ගායකයා බිරිඳ සමග