July, 29, 2014
වාඩිවී සිටි පුටුවෙන් ඔබ නැගිට ගිය පසු එක් වරම එය සෝපාවක් වුවහොත් ඔබ පුදුමයට පත්වෙනු නිසැකයි. එය මායාවක් යැයි සමහරවිට ඔබට සිතෙන්නට පුළුවන්.
නමුත්, තවදුරටත් එය මායාවක් නෙවෙයි. විද්‍යාවේ දියුණුව කෙතරම්ද යත් විවිධ වූ හැඩතල වලට ඉබේම සකස්විය හැකි රොබෝ ගෘහ භාණ්ඩ නිපදවීමට විද්‍යාඥයින් මේ වනවිට කටයුතු කරමින් සිටින අතර එම පරීක්ෂණ සාර්ථක වී ඇතැයි වාර්තා වේ.
සී.එන්.එන්. වාර්තා කරන අන්දමට Swiss Federal Institute of Technology ආයතනය විසින් මෙම රොබෝ ගෘහ භාණ්ඩ නිපදවීම සඳහා පරීක්ෂණ කටයුතු කරන අතර එහිදී කාර්යාල හා නිවාස සඳහා එහා මෙහා යන විවිධ හැඩතල වලට ඉබේම සකස්විය හැකි ගෘහ භාණ්ඩ නිර්මාණය කිරීම සඳහා අවධානය යොමුව ඇත.
මොවුන් මෙම ගෘහ භාණ්ඩ වලට නම් තබා ඇත්තේ බුද්ධිමත් ගෘහ භාණ්ඩ යන තේරුම සහිතව intelligent furniture ලෙසයි.
විවිධ අවශ්‍යතාවයන් අනුව එකම ගෘහ භාණ්ඩය නැවත නැවත විවිධ ස්වරූපයෙන් සකස්වීම නිසා අනාගතයේදී කාර්යාල වලට හා නිවෙස් වලට බොහෝ ගෘහ භාණ්ඩ අවශ්‍ය නොවනු ඇතැයි සඳහන්ය.
මෙම ගෘහ භාණ්ඩ වයස්ගත හා අබාධිත තැනැත්තන්ට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
Video Story