කාර්ගීල්ස් බැංකුව විසින් කැපිටල් එලායන්ස් ෆයිනෑන්ස් මිලදීගනී

    August, 5, 2014

    කැපිටල් එලායන්ස් ෆයිනෑන්ස් පී.එල්.සී. සමාගමේ සියයට 70 ක කොටස් මේ වනවිට කාර්ගීල්ස් බැංකුව විසින් මිලදීගෙන තිබෙන අතර ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වන්නේ මෙම කොටස් ප්‍රමාණය තවදුරටත් ඉහළ දැමීමට කාර්ගීල්ස් බැංකුව ඉදිරියේදී කටයුතු කරනු ඇති බවයි.

    කොටසක් රුපියල් 15.50 ක් සහ රුපියල් 15.40 ක් බැගින් ගිවිසගත් ගනුදෙනු (Crossings) තුනක් මගින් කාර්ගීල්ස් බැංකුව විසින් කැපිටල් එලායන්ස් ෆයිනෑන්ස්හි සියයට 68 ක කොටස් මිලදීගත් අතර අද කොටස් වෙළඳ පොළ හරහා මේ වනවිට සමාගමේ සියයට 02 ක පමණ කොටස් මිලදීගෙන තිබේ.

    මෙම කොටස් විකිණීම කර තිබෙන්නේ කැපිටල් එලායන්ස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් වන අතර කැපිටල් එලායන්ස් ෆයිනෑන්ස් සමාගමේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 600 ක් පමණ වේ යැයි තක්සේරු කර ඇත.

    මේ අනුව, කාර්ගීල්ස් බැංකුව විසින් මේ දක්වා මිලදීගෙන ඇති සියයට 70 ක ප්‍රමාණයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 420 ක් පමණ වේ.