Breaking News- දැවැන්ත ප්‍රසංගයකට ලයනල් රිචී ලංකාවට

    September, 16, 2014

    ලොව ප්‍රකට ගායකයෙකු, ගීත රචකයෙකු, සංගීතඥයෙකු වන ඇමරිකානු ජාතික ලයන් රිචී (Lionel Richie) දැවැන්ත සංගීත ප්‍රසංගයක් සඳහා ලබන ඔක්තෝම්බර් මාසයේදී කොළඹට පැමිණීමට නියමිතය.

    මෙරට ප්‍රකට ඉදිකිරීම් සමාගම් සමූහයක් වන ඇක්සස් සමූහයේ 25 වන සංවත්සරය සමරමින් මෙම සංගීත ප්‍රසංගය පැවැත්වෙන්නේ ඔක්තෝම්බර් 11 වනදා කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදීයි. (Sri Lanka Exhibition & Convention Centre)

    මේ පිළිබඳව අප සමග ඇක්සස් ඉංජිනියරිං සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටෝෆර් ජෝෂුවා (Christopher Joshua) මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

    “ලයනල් රිචී ලංකාවට එන්නේ පළමුවන වතාවටයි. අපගේ සමාගම් සමූහයේ 25 වන සංවත්සරය සමරමින් පවත්වන සංගීත ප්‍රසංගයටයි ඔහු එන්නේ.“

    රසිකයන් ඇද බැඳගත් ලයනල් රිචීගේ Hello ගීතය මෙන්න

    Video Story

    Stock Market

    Exchange Rates