September, 19, 2014
මූල්‍ය අර්බුදයකට පත්ව තිබෙන පී.සී. හවුස් පී.එල්.සී. සමාගමේ අංක 451, ගාලුපාර, කොළඹ 03 ස්ථානයේ තිබූ පරිශ්‍රය පරාටේ බලය භාවිතා කරමින් හැටන් නැෂනල් බැංකුව විසින් සම්පූර්ණයෙන්ම පවරාගෙන තිබේ.
මේ පිළිබඳව අප පී.සී. හවුස් ප්‍රධානී, එස්.එච්.එම්. රිෂාන් මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ ඒ පිළිබඳව තමා නොදන්නා බවත් ඒ ගැන සොයා බලා ඉදිරියේදී පිළිතුරක් දිය හැකි බවයි.
පරිගණක අලෙවියේ මෙරට විශාලතම සමාගම වූ පී.සී. හවුස් 2010 වසරේදී සමාගමේ සියයට 25 ක කොටස් මහජනයා වෙත නිකුත් කරන විට සමාගමේ වටිනාකම රුපියල් බිලියන 2.5 කට ආසන්න විය.
නමුත්, 2013 වසරේ ජූලි මාසය වනවිට සමාගමේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් මිලියන 412 ක් තරම් අඩු අගයක් දක්වා පහත වැටුණි. මේ ආකාරයෙන් මූල්‍ය අර්බුදයට පත්වූ සමාගම අවසානයේදී විශාල ණය බරකට පත්විය.
එස්.එච්.එම්. රිෂාන් මහතා පී.සී. හවුස් ආරම්භ කළේ 1997 වසරේදීයි.
Video Story