චීනයේ පාරිසරික නීතිරීති දැඩිවීම හේතුවෙන් ඇණවුමක් සැපයීමට ගතවන කාලය වැඩිවෙයි

    July, 17, 2018

    නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 මැයි මස වාර්තා කළ 60.6ක අගයට සාපේක්ෂ ව 2018 ජුනි මාසයේ දී 57.6ක දර්ශක අගයක් දක්වා අඩු වූ අතර මෙය පසුගිය වසරවල පැවති ප්‍රවණතාවට ද අනුකූල විය.

    මේ සඳහා, විශේෂයෙන් ම නිෂ්පාදනයේ දක්නට ලැබූ සැළකිය යුතු පහළ යෑම හේතු වූ අතර ඒ සඳහා ප්‍රධාන වශයෙන් ආහාරපාන සහ දුම්කොළ නිෂ්පාදන අංශයේ දක්නට ලැබුණු පහළ යෑම බලපෑවේ ය. මේ අතර, නව ඇණවුම් සහ ගැනුම් තොග ද ජුනි මාසය තුළ පහළ ගියේ ය. කෙසේ වුව ද, රෙදිපිළි සහ නිමි ඇඳුම් අංශයේ නව බඳවා ගැනීම් සමස්ත සේවා නියුක්තිය ඉහළ යෑමට හේතු විය.

    මේ අතර, මෙම මාසය තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්ව සහ චීනයේ පාරිසරික නීති රීති දැඩි වීම හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය ඉහළ ගියේ ය. සමස්තයක් ලෙස, ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ සියලු ම උපදර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කළ අතර, එ මගින් 2018 ජුනි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම්, 2018 මැයි මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය වූ බව පෙන්නුම් කෙරෙයි.

    මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් යහපත් බව පෙන්නුම් කරයි.

     

    Video Story

    Stock Market

    Exchange Rates