July, 18, 2018
ආතතිය යනු වර්තමානයේ දී බොහෝ දෙනා පීඩා විඳින තත්ත්වයකි. මේ නිසා බොහෝ දෙනා සිය රැකියා ස්ථානයේ දී පමණක් නොව තම නිවසේ දී පවා ගත කරනුයේ වෙහෙසකර මනසකින් මෙන්ම ඉච්ඡාභංගත්වයක් ද උරුම කර ගනිමිනි. ඒකාකාරී දෛනික ජීවිතයකට හැඩ ගැසුණු ඔවුන්, දිනෙන් ආතතියට පත්වන්නේ ජීවිතය විඳීමක් නොව විඳවීමක් කර ගනිමිනි.
මෙයාකාරයට රැකියාව හේතුවෙන් පමණක් නොව තම එදිනෙදා පුද්ගලික ජීවිතයේ විවිධ කරුණු හේතුවෙන් ආතතියට පත්වන්නන් හට එම තත්ත්වය මඟ හරහවා ගැනීමට ඇති විකල්ප ගණනාවකි. සංගීතය, ක්රීඩාව, චිත්රපටි, පොත්පත් කියවීම ඒ අතුරින් ප්රධාන වේ.
මේ අතරම අද වන විට වර්ණ තෙරපි ක්රමවේදය ද ආතතිය මඟ හරවා ගැනීම සඳහා බෙහෙවින් උපකාරී වන ක්රමවේදයක් ලෙසින් පර්යේෂණ මඟින් තහවුරු කර ඇත. එම නිසාම වර්ණ තෙරපි ක්රමවේදය ක්රමයෙන් ජනප්රිය වෙමින් පවතින විනෝදාංශයක් බවට පත්ව තිබේ.
මෙහිදී සිදුවන්නේ කුඩා දරුවන් පාට පැන්සල්, පාට කූරු ආදිය සමඟ ගත කරන අවධියට වැඩිහිටියන් පියනැගීමකි. නමුත් එහිදී කුඩා දරුවන්ට මෙන් නොව වඩාත් සංකීර්ණ අවස්ථා වර්ණ ගැන්වීම වෙනුවෙන් වැඩිහිටියන් පොළඹවනු ලබයි.
මේ වෙනුවෙන්ම සැකසුණු වැඩිහිටි පාට කිරීමේ පොත් අද වන විට වෙළෙඳපොළෙන් මිල දී ගත හැකිය. සුදු පැහැති කඩදායි මත ඇති විවිධ රටාවන් වර්ණ ගැන්වීම, මෙහිදී වැඩිහිටියන් හට පැවරෙන කාර්යයි.
එය එතරම්ම ආශ්වාදජනකය. ඔබගේ ඒකාකාරී ජීවිතයට මෙතෙක් නොලද වෙනසක් ලබා දෙන බව නිසැකය. ඔබ කුමන වයසක පසු වූවත්, වර්ණ තෙරපිය ඔබේ මනසට ගෙන දෙන්නේ අපමණ සුවයකි. වරක් අත්හදා බැලූ විට ඒ බව ඔබට ප්රත්යක්ෂ වනු ඇත.
පහත දැක්වෙන්නේ වැඩිහිටි පාට කිරීමේ පොත් කිහිපයකින් උපුටා ගැනුණු චිත්ර රටා කිහිපයකි. මෙවැනි චිත්ර හා රටා අඩංගු පොත් වර්තමානයේ දී මෙරට පොත් සාප්පුවලින් මිල දී ගත හැකිය. මෙවැනි පොත් හෝ පාට කූරු වෙනුවෙන් දරන වියදමට වඩා වැඩි ආශ්වාදයක්, සුවයක් ඔබ විඳිනු නිසැකය.






Video Story