ඩොලර් මිලියන 2.13 ක රේල් පීලි 5000ක ටෙන්ඩරය අනුමතයි

    July, 25, 2018

    දුම්රිය මාර්ග පද්ධතිය සඳහා අවශ්‍ය EN 45 E1 වර්ගයේ පීලි 5000ක සංඛ්‍යාවක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක මුදලකට M/s. Angang Group International Panzhimua Co. Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.