July, 30, 2018
වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැසිස්තුගත විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. මෙය 2018/19 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ ප්‍රතිඵල වේ.
මෙම ප්‍රතිඵලවලට අනුව සමාගමේ ආදායම රුපියල් බිලියන 26.82 සිට රු. බිලියන 30.16 ක් දක්වා 12% කින් කාර්තුව තුළ දී ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් සමාගමේ දළ ලාභය රු. බිලියන 6.7 සිට රු. බිලියන 5.59 ක් දක්වා 17% කින් මෙම කාලපරිච්ඡේදය තුළ දී අඩු වී තිබෙන අතර බදු ගෙවීමට පෙර ලාභය රු. බිලියන 4.08 සිට රු. බිලියන 2.9 දක්වා 29% කින් ද බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 3.01 සිට රු. බිලියන 2.22 ක් දක්වා 26% කින් ද පහළ ගොස් තිබේ.

Video Story