July, 30, 2018
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ගෙන්වනු ලැබූ නවතම හා අවසන් A321 ගුවන් යානාව ජූලි මස 29 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සම්ප්‍රාප්ත විය. 2018 ජූලි මස 29 දින හැම්බර්ග් නුවර සිට අබුඩාබි හරහා මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට ලඟා විය.
නව ගුවන් යානයට ආශිර්වාද ලබා ගැනීම සඳහා ආගමික වතාවත් අද (30) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ A320 ඉංජිනේරු යාත්රාංගනයේ දී සිදු කරන ලදී. සිය පළමු වාණිජ ගුවන් ගමන් ආරම්භ කිරීමට පෙර මෙලෙස ආගමික වතාවත් සිදුකරන ලදී.
මෙම ගුවන් යානයේ සම්ප්රාප්තියත් සමගින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඇණිය එයාර්බස් නියෝ ගුවන් යානා හයක් ඇතුළු ගුවන් යානා 27 කින් සමන්විත වනු ඇත.








Video Story