July, 31, 2018
මෙරට ලැයිස්තුගත මෝටර් රථ අලෙවි සමාගක් වන යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී හි 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
විගණනය නොකරන ලද අදාළ ප්‍රතිඵලවලට අනුව යුනයිටඩ් මෝටර්ස් සමූහයේ 2018 ජූනි 30 න් අවසන් කාර්තුවේ බදු ගෙවීමෙන් පසු ලාභය 17.3% කින් පහළ ගොස් තිබේ. 2017 ජූනි කාර්තුවේ දී අදාළ ලාභ අගය රුපියල් මිලියන 113.73 ක් වශයෙන් වාර්තා වෙන අතර එය මෙම කාර්තුවේ දී රු. මිලියන 94.04 ක් දක්වා අඩු වී ඇත.
මෙහිදී යුනයිටඩ් මෝටර්ස් සමූහයේ ආදායම ද රු. බිලියන 3.87 සිට රු. බිලියන 3.33 ක් දකවා 13.7% කින් පහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවන්ට අනුව 2018 වසරේ මුල් මාස 05 තුළ දී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද මෝටර් රථ සඳහා දරා ඇති වියදම 110.6% කින් ඉහළ ගොස් ඇත. මෙහිදී වසරේ මුල් මාස 05 තුළ මෝටර් රථ ආනයනය වෙනුවෙන් දරා ඇති මුළු වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 665.9 කි. මෙම වටිනාකම 2017 වසරේ මුල් මාස 05 දී දැක්වුණේ ඩොලර් මිලියන 316.2 ක් වශයෙනි.
Video Story