August, 3, 2018
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව නීතිරීති සම්පාදනය කරනු ලබන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කරන ලදී.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ කියා සිටියේය.
“නියඟය පැවතුන දිස්ත්‍රික්ක 12 ක රුපියල් ලක්ඹයට හෝ ලක්ෂ්යට අඩු ණය මුදල් ක්ෂුද්‍ර ලබාගෙන ක්ෂුද්‍ර ණය උගුලකට හසු වූ කාන්තාවන් 75,000 කට අගෝස්තු 01 සිට ඒ ණය සියල්ල කපා හරිමින් සහණ ලබා දෙන්නට රජය තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම Lanka Micro finance practinories association සංවිධානයේ සාමාජිකයින් වන ෆිනෑනස් සහ මයික්‍රෝ ෆිනෑන්ස් කොම්පැනිවලින් ණය ලබා ගෙන ඇති අයට මෙම ණය සහනය ලබා දෙන්න අපි තීන්දු කළා.“
“2018 ජූනි 30 විට මාස 03 ක හිඟ ණය මුදල් ඇති නියඟය බලපෑ ප්‍රෙද්ශවල කාන්තාවන් සඳහා මෙම ණය මුදල් අපි ලබාදෙනවා. දිස්ත්‍රික්ක 12 ක. රුපියල් ලක්ෂයක් වන තෙක් සියලු දෙනාගේම ණය රජය විසින් වසර 5 ක් අතුළත කොටස් වශයෙන් එම සමාගම්වලට ගෙවන්න තීන්දු කළා. එම සමාගම් මෙම මුදලට එකතු වූ පොළිය සම්පූර්ණයෙන්ම කපන්න පොරොන්දු වුණා.“
“අපි මයික්‍රෝ ෆිනෑන්ස් සහ ෆිනෑන්ස් සමාගම් එක්ක සාකච්ඡා කරලා එකගතාවයක් ඇති කර ගත්තා මින් ඉදිරියටත් අලුත් ක්ෂුද්‍ර ණය ලබා දීමේ දී වාර්ෂික පොළිය 35% කට සීමා කරන්න. සමාහර ආයතන 220% ක් දක්වා කාන්තාවන්ගෙන් පොළී අරගෙන තියෙනවා.“
“ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දෙන ආයතන සිය කැමැත්ත පරිදි අධික පොළියට ණය ලබා දීම සිදුකළා. අසරණ ගැමි කාන්තාවන් මොවුන්ගේ ඉලක්කය වුණා. රජයක් හැටියට අපි දැනටමත් විශේෂ කමිටුවත් පත් කරලා තියෙනවා, මයික්‍රෝ ෆිනෑන්ස් ඇසෝෂියේෂන් එක්කත් කතා කරලා , ඉදිරියේ දී මේ වගේ ණය උගුල්වලට හසු නොවන ආකාරයට මේ ආයතන කටයුතු කිරීම සඳහා අලුත් නීතිරීතිත් සම්පාදනය කරනවා.“
Video Story