ජාත්‍යන්තර තලයේ ප්‍රවීණයන් රැසක් සමගින් “Disrupt Asia 2018”

    August, 7, 2018

    එක්සත් ජනපදය, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව, බංග්ලාදේශය, පිලිපීනය සහ ඉන්දියාව ඇතුළු රටවල් රැසක් නියෝජනය කරමින් පැමිණෙන විවිධ ක්‍ෂේත්‍ර ගණනාවක ප්‍රවීණයින් සිය දැනුම සහ අත්දැකීම් ඛෙදාහදා ගැනීමට සූදානම් වෙයි.

     
    මෙරට පැවැත්වෙන ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණික නව ව්‍යවසායකයින්ගේ සම්මන්ත්‍රණය සහ නවෝත්පාදන උළෙල වන Disrupt Asia හිදී පැවැත්වෙන ව්‍යවසායකත්ව සමූළුවේදී ප්‍රමුඛතම දේශිය හා විදේශිය, විවිධ ක්‍ෂේත්‍ර ගණනාවක ප්‍රවීණයින් විසින් ව්‍යවසායකත්වය, ප්‍රතිපත්ති, නව නිර්මාණ,  සහ තාක්ෂණය ආදී අංශ ආවරණය වන පරිදි අදහස් හුවමාරු කරගැනීමට නියමිත ය. මෙම සමුළුව 2018 අගෝස්තු 11 වනදා පස්වරු 3.30 සිට මැදියම් රාත්‍රිය වන තුරු ට්‍රේස් එක්ස්පර්ට් සිටි හිදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
     
    ප්‍රතිපත්ති සහ ක්‍රමෝපාය සැලසුම් පද්ධතියක අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර විවිධ ක්‍ෂේත්‍රවල ප්‍රවීණයින් විසින් සිය සාර්ථකත්වය, මුහුණ දුන් ගැටළු හා අභියෝග පිළිබඳව අත්දැකීම් ඛෙදාහදා ගැනීමට ද නියමිතව තිබේ. එක්සත් ජනපදය, නෙදර්ලන්තය, එක්සත්් රාජධානිය, සිංගප්පූරුව, බංග්ලාදේශය, පිලිපීනය සහ ඉන්දියාව ඇතුළු රටවල් රැසක් නියෝජනය කරමින් පැමිණෙන ප්‍රවීණයින් විසින් AI, ඩිජිටල් අලෙවිකරණය, ආරක්ෂාව සහ STEAM අධ්‍යාපන ධාරාව පිළිබද සාකච්ඡා කිරීමේ අදියර, කලා ක්‍ෂේත්‍රයේ කර්මාන්ත, සහ සමාජ ව්‍යවසායකත්වය ආදී අංශ වෙත අවධානය යොමු කරමින් සිය දැනුම හුවමාරු කර ගැනීමට අපේක්ෂිතය. මෙම සමුළුව සඳහා වන ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමට පිවිසෙන්න https://disruptasia.today/buytickets/  වෙත.
     
    මෙම සමුළුවේ ප්‍රධාන දේශනය  XLr8 Andhra Pradesh Technology Business Accelerator (University of Texas at Austin extension) හි කළමණාකාර අධ්‍යක්ෂ ග්ලේන් රොබින්සන් මහතා  විසින් සිදුකිරීමට නියමිත අතර හෙතෙම "ක්‍රමෝපාය සහ ප්‍රතිපත්ති කිසිවක් වෙනස් කරයි ද?" (Strategy and Policy: Will it change Anything?)  යන මාතෘකාව ඔස්සේ  අදහස්  දැක්වීමට නියමිතව තිබේ. ලාභ නොලබන ව්‍යාපාර අංශයේ විධායක කළමණාකරුවෙක් ලෙස කටයුතු කර ඇති ඒ මහතා පළපුරුදු, ප්‍රවීන ව්‍යවසායකයෙක් ද වෙයි. රොබින්සන් මහතා විසින් තොරතුරු තාක්ෂණයට සම්බන්ධ බහුවිධ අංශ ගණනාවක්ම මෙහෙයවමින් සිටියි. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් රජය  සහ ඉන්දීය වාණිජ මණ්ඩලය හා එක්ව XLr8 Andhra Pradesh Technology Business Accelerator හි සියලු මෙහෙයුම් සඳහා නායකත්වය ලබාදෙන හෙතෙම චිලී රජය හා එක්ව එරට ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට දායකත්වය සැපයූ පුද්ගලයෙකි. ඇමරිකාවේ වොෂින්ටන් හි ජාතික විද්‍යා පදනමේ උපදේශක වරයෙකු ද වන ග්ලේන් රොබින්සන් මහතා  විවිධ තාක්ෂණික ව්‍යාපාර ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු, උපදේශකයෙකු සහ දේශකයෙකු ලෙස කටයුතු කරයි.
     
    "නිර්මාණාත්මක කර්මාන්තකරණ' ("Disrupting Creative Industries") යන මාතෘකාව යටතේ අදහස් දැක්වීමට නියමිතව ඇත්තේ නිර්මාණකාරිනියක , නිෂ්පාදිකාවක  මෙන්ම සමාජ ව්‍යවසායකයෙකු වන Jeeva Productions Inc හි ප්‍රධාන විධායක නිළධාරිනී මෙන්ම Snake Nation හි  ක්‍රමෝපාය සංකල්ප ප්‍රධානියා වන ප්‍රදීපා ජීවා විසිනි.  ඇය විසින් bedside.org සහ thetruth.comයනාදී  සාර්ථක ඩිජිටල්  ව්‍යාපෘතින්  දියත් කළ අතර  එම ඩිජිටල් ව්‍යාපෘති  මිලියන 3ක ට අධික පිරිසක් පිවිසෙන  ව්‍යාපෘති බවට මේ වනවිට පත්ව  තිබේ.  40 under 40 "Hollywood's New Leaders: 2016" ලැයිස්තුවට ඇය ඇතුළත් වූ අතර Machinima Inc හි සංවර්ධන ප්‍රධානි තනතුර දරණ සමයේදී NBC Universal විසින් පිරිනැමූ "One of the 26 Asia Americans to watch bout for in 2017"  සම්මානයෙන්ද පිදුම් ලැබීය. 
     
    "අසාර්ථකත්වය තුළ සාර්ථකත්වය" ("Success in Failure") පිළිබඳ අදහස් දැක්වීමට නියමිත නිර්ජොර් රහ්මාන් මහතා බංගලාදේශයේ YGAP හි නේවාසික අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. YGAP යනු ලාභ අරමුණු කර නොගත් ජාත්‍යන්තර සංවර්ධිතයකි. මොවුන් විසින් ව්‍යාපෘති 64කට පමණ දායකත්වය ලබා දී ඇති අතර එයින් අති සාර්ථකත්වයට පත්වූ අධ්‍යාපනය කේන්ද්‍ර කර ගනිමින් කි්‍රයාත්මක වන වැඩසටහනක් වන  ‘Light of Hope’ වැඩසටහන සහ හදිසි අවස්ථාවකදී ස්වේච්ඡාවෙන් පළමු ප්‍රතිචාර දක්වන්නන්ගේ ජාලයක් වන Criticalink වැඩසටහන් ද්විත්වය ප්‍රධාන වේ. නිර්ජොර් රහ්මාන් මහතා තාක්ෂණික කෂේත්‍රය තුල නව්‍ය ව්‍යවසායකයින්, රාජ්‍ය නොවන සංවිධාන, සහ දේශපාලන නායකයින්  සමග  කටයුතු කරමින් සහ සබඳතා ගොඩනගා ගනිමින්  නව්‍ය ක්‍රමෝපාය හඳුන්වා දීම සම්බන්දයෙන් ප්‍රවීණයෙකු ද වෙයි. බංග්ලාදේශයේ ග්‍රාමීය ප්‍රදේශ වල  සනීපාරක්ෂක තාක්ෂණය නැංවීම සහ හඳුන්වා දීම සඳහා වන නියාමක ව්‍යාපෘතිය සඳහා $4M Gates Foundation වෙත සිය සහයෝගය සහ නායකත්වය ලබාදුන් ඒ මහතා  එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගනිමින්  ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයක් වන under Water and sanitation for the Urban Poor (WSUP) ආදී ආයතන සඳහා නායකත්වය සපයා තිබේ.
     
    " Raising A Million Dollar "හෙවත් ඩොලර් මිලියනයක් දක්වා වර්ධනය වන්නේ කෙසේද? යන මාතෘකාව යටතේ මෙහිදී අදහස් දැක්වීමට නියමිතව ඇත්තේ Techstars India කළමණාකාර අධ්‍යක්ෂ , රේ නාවල් මහතා  සහ DelnvesteerdersClub  හි  සභාපති සහ කළමණකාරණ සහකරු  Keith Wallace යන මහත්වරු  විසිනි.  ලොව ප්‍රකට ව්‍යවසායකයෙකු වන රේ නාවල් මහතා තාක්ෂණික අයෝජකයෙකු ලෙස කටයුතු කර ඇති අතර DoubleClick.MSN ,සහ Yahoo හි අලෙවි නායකත්වයෙන් ලත් අත්දැකීම් ඔස්සේ පසු ව්‍යවසායකයෙකු බවට පත්ව තිබේ. වසර 2008 දී Jigsee ජංගම දුරකතන සඳහා වන තාක්ෂණික යෙදවුමක් හඳුන්වා දෙනු ලැබූ අතර මේ වනවිට එය ඉන්දියාව සහ ගිණිකොන දිග ආසියාවේ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබේ.එම ජනප්‍රියත්වය නිසාම 2015 දී ඒ සඳහා වෙනම සමාගමක් ද අරඹනු ලැබීය. ලොව පුරා තාක්ෂණික ආයෝජන සිදුකරමින් කටයුතු කරන රේ මහතා උපදේශකවරයෙක් මෙන්ම ජනප්‍රිය දේශකයෙකු ද වෙයි.   
     
    ස්කොට්ලන්ත ජාතික ව්‍යවසායකයෙකු වන Keith Wallace මහතා Dutch Investors Club (DelnvesteerdersClb) හි  නිර්මාතෘවරයා ය. එම ආයතනය නෙදර්ලන්තය කේන්ද්‍ර කරගනිමින් ඒකාබද්ධ ආයෝජන වැඩපිළිවෙළක් පවත්වාගෙන යයි.Hivos Foundation  හි සේවය කළ හෙතෙම  එහි ප්‍රමුඛ ආයෝජන රැසක් සඳහා සිය දායකත්වය සපයා තිබේ.Hivos Food  සහ Lifestyle Fund (southern Africa) මෙන්ම the Hivos Mideast Creatives Fund (MENA) ආදිය කළමණාකරණය සඳහා මූලිකත්වය ගත් Keith Wallace මහතා  ජාත්‍යන්තර ව්‍යවසායකයින් අතර පවත්වන "Get In The Ring" නැමති වැඩසටහනේදී  Global Ringmaster ලෙස සම්මාන දිනූවෙකි. මෙම සමුළුවේදී ඔහු විසින් "ආධුනිකයින් සඳහා ආයෝජන (Angle Investment for Beginners) යන මාතෘකාව යටතේ මාණ්ඩලික සාකච්ඡාවට සහභාගීවීමට ද නියමිතව තිබේ.
     
    මෙම සමුළුවේ අවසාන දේශනය පවත්වනු ලබන්නේ ටැංගෝ ටැබ් හි අධ්‍යක්ෂ වරයෙක් වන නික් මැරිනෝ මහතා විසිනි.  ඕනෑම අවස්ථාවක තමන්ට ආසන්නතම අවන්හල සොයාගැනීම සඳහා වන Tango Tab ඇප් එක  හා  ලොව පුරා 100000 කට අධික අවන්හල් ජාලයක් සම්බන්ධ වී තිබේ.  එමෙන්ම මිලියන 2.5 කට අධික පිරිසක් එහ සේවාව ලබාගනියි. ඇදුම් සහ සේවා කර්මාන්ත සදහා වන MISSIOND හි නිර්මාතෘවරයාද වන නික් මැරිනෝ මහතා Revolving Mind Media හි සම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන අතර 2018 වසරේදී සිය ප්‍රථම අවන්හල විවෘත කිරීමට අපේක්ෂාවෙන් සිටියි. වසර 2018 දී "Living With Purpose" නමින් සිය ප්‍රථම ග්‍රන්ථය එළිදැක්වූ නික් මැරිනෝ 2016 වසරේදී "Top Texans under the age 30" ලෙසද නම් කරනු ලැබිණ. 
     
    ශ්‍රී ලංකා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්  සහ විදේශ රැකියා අමාත්‍යංශයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කරන මෙම වැඩසටහනෙහි ජාත්‍යන්තර පාර්ශවකරු (International Partner) ලෙස IKT Norge, දැනුම් පාර්ශවකරු (Knowledge Partner) ලෙස PwC, සහයෝගීතා පාර්ශවකරුවන් (Supporting Partner) ලෙස  GIZ Sri Lanka,Payoneer, Techstars සහ Trace-Expert City, ගෙවීම් පාර්ශවකරු (Payment Partner) ලෙස  PayHere, Volunteer Partner ලෙස  GudPpl,ව්‍යවසාය පද්ධති පාර්ශවකරු (Eco System Partner) ලෙස SLASSCOM, Makerspace ලෙස Igniter Space, You Tube පාර්ශවකරු  (You Tube Partner) IdeaHell, Inclusion Partner ලෙස Learn Asia සමාජ නවෝත්පාදන පාර්ශවකරු (Social Innovation Partner) ලෙස UNDP Sri Lanka, Creative Pavilion Partner ලෙස Gamer.lk සහ සත්කාරක පාර්ශවකරුවන් (Hosting Partner) ලෙස Calcey Technologies, Orange Electric, WSO2, සහ CodeGen යන ආයතන සම්බන්ධ වෙයි.