August, 8, 2018
2017 වසරේ සිට රජයේ සත්‍ය වියදම සහ සත්‍ය ආදායම පිළිබඳ ත්‍රෛමාසික වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.
ඒ අනුව 2018 මූල්‍ය වර්ෂයේ පළමුවන කාර්තුව තුළ රුපියල් බිලියන 403ක් වියදම් දරා ඇති අතර (රාජ්‍ය ණය සේවාකරණය හැර) එය එම කාර්තුවේ ඉලක්කගත වියදමෙන් 91%කි. රජය විසින් එම කාර්තුව තුළ රැස්කරගත් ආදායම රුපියල් බිලියන 469ක් වන අතර එයින් රුපියල් බිලියන 425ක් බදු මඟින්ද, රුපියල් බිලියන 44ක් බදු නොවන මූලාශ්‍ර මඟින්ද ලැබී තිබේ. එය කාර්තුව තුළ අපේක්ෂිත ආදායමින් 90.2%කි.
එසේම 2018 වර්ෂයේ පළමුවන කාර්තුව තුළ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති 1,354ක් අතුරින් ව්‍යාපෘති 561ක්, කාර්තුවේ ඉලක්කයෙන් 75%කට වැඩි භෞතික ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, ව්‍යාපෘති 444ක භෞතික ප්‍රගතිය 25%කට වඩා අඩු බව වාර්තා වී තිබේ.
මේ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story