August, 15, 2018
ශ්‍රීලංකන් ගුවන් සමාගම දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්වය මත එම ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන් අගෝස්තු මස 18 වැනිදා වන තෙක් සිය ගුවන් ගමන් අත්හිටුවීමට කටයුතු කර ඇත.
අද දින සිට (අගෝස්තු 15 වැනිදා සිට) කොචින් ගුවන් තොටුපළෙහි පවතින අයහපත් ගංවතුර ආපදා තත්වය හේතුවෙන් අගෝස්තු මස 18 වැනිදා ප.ව 2.00 දක්වා කොචින් ගුවන් තොටුපළ වසා දැමීමට කටයුතු කර ඇත. මෙම තත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු කොචින් ගුවන් තොටුපළ බලධාරීන්ගෙන් ලබාගැනීමට නියමිතයි.
මේ අනුව කොචින් වෙත සහ එහි සිට පැමිණීමට ගුවන් ප්‍රවේශපත් වෙන්කරවා ගත් ගුවන් මගීන්ට ශ්‍රීලංකන් මෙහෙයුම් සිදුකරන දකුණු ඉන්දියාවේ වෙනත් නගරයක් හරහා තම ගුවන් සංචාරය කිසිදු අමතර අයකිරීමක් නොමැතිව සිදුකිරීමට අවස්ථාවක් සලසා දී ඇති බව ගුවන් සමාගම කාරුණිකව දැනුම් දෙනු ලැබේ.
කොචින් සහ කොළඹ අතර ගුවන් ගමන් සිදුකරන ගුවන් මගීන්, පහත දැක්වෙන දුරකථන අංක මගින් ශ්‍රීලංකන් ගුවන් සමාගම හා සම්බන්ධ විය හැක.
ශ්‍රී ලංකාව– 1979
ඉන්දියාව - කොචින් ගුවන් තොටුපළ ශ්‍රීලංකන් කාර්යාලය (91)4842611313
කොචින් ශ්‍රීලංකන් කාර්යාලය - (91)4842362042
ගුවන් සමාගමේ පාලනයෙන් තොර මෙම තත්වය හේතුවෙන් ගුවන් මගීන්ට යම් අපහසුතාවයකට මුහුණදීමට සිදුවූවේ නම් ඒ පිළිබඳව ගුවන් සමාගමේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියි. කොචින් සිට කොළඹ දක්වා අද දින උදෑසන ගුවන් ගත වීමට නියමිතව සිටි මගීන් සඳහා ගුවන් ගමන අත්හිටුවීම හේතුවෙන් හෝටල් නවාතැන් පහසුකම් ඇතුළුව කොළඹ වෙත පැමිණීමට අමතර විධිවිධාන ගුවන් සමාගම විසින් සපයනු ලැබීය.
වැඩිදුර තොරතුරු සඳහා www.srilankan.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
Video Story