August, 16, 2018
ශ්‍රී ලංකාව තුළ දුම්රිය හරස් මාර්ග 1,337ක් පිහිටා ඇති අතර, මින් 520ක ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මකව පවතියි.
මීට අමතරව දුම්රිය හරස් මාර්ග 400ක ආරක්ෂණ පද්ධති සවි කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතියි. ඉතිරි දුම්රිය හරස් මාර්ග 417හි ආරක්ෂණ පද්ධති සැපයීම, සවි කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සහාය ලබා දීම පිණිස හංගේරියානු රජය විසින් සිය එකඟතාව පළ කරනු ලැබ ඇත.
ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියානු රජය විසින් නිර්දේශ කරනු ලැබ ඇති M/s. Muszer Automatika Ltd. ආයතනය වෙතින් යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story