August, 23, 2018
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය කරනු ලැබූ සමාගම් අතුරින් බහුවිධ සංයමයකින් යුතු සමාගම් සමූහයක් වන Ambeon Group 2017/18 මූල්‍ය වර්ෂය සඳහා තිරසාර වර්ධනයක් සමඟින් විශිෂ්ට කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් වී සිටී. සිය නවතම මූල්‍ය වාර්තා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරමින් සමාගම මේ බව ප්‍රකාශයට පත් කර ඇත.
සමස්තයක් ලෙස ගත් කල, 2017/18 මූල්‍ය වර්ෂය තුළ දී රුපියල් මිලියන 286 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කිරීමට Ambeon Capital PLC සමත් වී තිබෙන අතර එය මීට පෙර, එනම් 2016/17 මූල්‍ය වර්ෂය තුළ දී වාර්තා කරන ලද රුපියල් මිලියන 102 ක බදු ගෙවීමට පෙර ලාභය මෙන් තුන්ගුණයකට ආසන්න වේ. එසේම පූර්ව වර්ෂයේ රුපියල් මිලියන 23 ක බදු ගෙවීමෙන් පසු අලාභයක් වාර්තා කර තිබූ පසුබිමක 2017/18 මූල්‍ය වර්ෂය තුළ දී රුපියල් මිලියන 372 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කිරීමට Ambeon Capital PLC සමත්වී තිබීම කැපීපෙනෙන කරුණක් වේ. 2017/18 මූල්‍ය වර්ෂය තුළ දී සමාගමේ සමස්ත ආදායම රුපියල් මිලියන 907 ක් වන අතර එය පූර්ව වර්ෂයේ ආදායම් වටිනාකම වූ රුපියල් මිලියන 224 හා සැසඳීමේ දී සිව්ගුණයකි.
Ambeon Capital PLC හි ප්‍රධානම අනුබද්ධිත සමාගම වන Ambeon Holdings PLC විසින් 2016/17 මූල්‍ය වාර්ෂයේ දී වාර්තා කරන ලද රුපියල් මිලියන 494 ක ආදායම මෙන් දෙගුණයකටත් වඩා වැඩි ආදායමක් ඉපයීමට 2017/18 මූල්‍ය වර්ෂය තුළ දී සමත් වී තිබෙන අතර එම වටිනාකම රුපියල් බිලියන 1.1 කි. මෙහිදී සමාගමේ වාර්ෂික බදු ගෙවීමට පෙර ලාභය රුපියල් මිලියන 571 ක් ලෙසින් සටහන් වන අතර 2016/17 මූල්‍ය වර්ෂයේ බදු ගෙවීමට පෙර ලාභය වූ රුපියල් මිලියන 367 හා සැසඳීමේ දී මෙය කැපී පෙනෙන වර්ධනයකි. එසේම බදුගෙවීමට පසු ලාභය රු. මිලියන 263 සිට රු. මිලියන 670 දක්වා සුවිශේෂී ලෙස 2017/18 මූල්‍ය වර්ෂය තුළ දී ඉහළ ගොස් තිබේ. මෙහිදී Ambeon Holdings විසින් 2017/18 මූල්‍ය වර්ෂය තුළ දී වාර්තා කර තිබෙන සමස්ත ආදායම රුපියල් මිලියන 12,272 ක් වන අතර එය 2016/17 මූල්‍ය වර්ෂයේ ආදායම් වටිනාකමට වඩා 14.04% ඉහළ යාමක් ලෙසින් වාර්තා වේ.
2017/18 මූල්‍ය වර්ෂය තුළ දී සමූහය විසින් ගන්නා ලද නවතම ධනාත්මක වෙනස්කම් සහ වඩාත් සාධනීය අයුරින් තම ව්‍යාපාරික ක්‍රියාකාරකම් පවත්වාගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම ආකර්ෂණීය මූල්‍ය ප්‍රතිඵල අත්පත් කරගැනීමට Ambeon Holdings PLC සමත් වී තිබේ. මෙහිදී පසුගිය වසර තුළ සමූහය විසින් සාක්ෂාත් කර ගන්නා ලද ප්‍රධානතම සංධිස්ථානය ලෙසින් Millennium Information Technologies (Pvt) Ltd (MillenniumIT ESP) සමාගම මිල දී ගැනීම හැඳින්විය හැකිය. එය මේ වන විටත් සමාගමේ ආදායමට රු. බිලියන 1.5 ක දායකත්වයක් ලබා දී තිබෙන අතර බදු ගෙවීමෙන් පෙර සමූහයේ ලාභදායීත්වයට ද එතුළින් ලැබී ඇත්තේ සුවිශාල සහයෝගයකි.
මෙම ව්‍යාපාරික අත්පත් කර ගැනීම, Ambeon Holdings සමූහයේ ජාත්‍යන්තර ව්‍යාපාරික කටයුතු කඩිනම් කිරීමට සමත් වී ඇති අතර ඒ සමඟින් ගෝලීය ව්‍යාපාරික වපසරිය තුළ සිය සන්නාමය මනාව ස්ථාපිත කරලීමට හැකියාව ලැබී තිබේ.
මෙම සුවිශේෂී කාර්යාසාධනය පිළිබඳ අදහස් දක්වමින් Ambeon Capital PLC හා Ambeon Holdings PLC හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මුරලි ප්‍රකාශ් මහතා මෙසේ කියා සිටියේය. “අපගේ පුළුල් වූ ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙලේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට අපට හැකිවුණා. Millennium IT ESP සමාගම අත්පත් කර ගැනීම මේ සඳහා විශේෂයෙන් හේතු වී තිබෙනවා. එය අප තොරතුරු තාක්ෂණික ව්‍යාපාර ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට ගනු ලැබූ මූලෝපායන්ගේ ප්‍රතිඵලයක්. ඒ තුළින් රට තුළ තාක්ෂණික පාරිභෝක කාණ්ඩය වෙත විශේෂ නැඹුරුවක් අප විසින් ලබා දී තිබෙනවා“.
“අප දැනටමත් සිදුකර ඇති අපගේ ව්‍යාපාර විවිධාංගීකරණයේ දී Millennium IT ESP අත්පත් කර ගැනීම, අනාගතහ ඉලක්ක කර ගනිමින් තාක්ෂණික අංශයේ සිදුකරනු ලැබූ ආයෝජනයන්ගෙන් ප්‍රථිපලයක්. අපගේ ව්‍යාපාරික ඒකක අතර ධනාත්මක වර්ධනයන් සඳහා තවදුරටත් ක්‍රියාත්මක වෙමින් අප අනාගතයේ දී යොමු විය යුකු ව්‍යාපාරික අංශ කෙරෙහි අපගේ අවධානය මේ වන විට ඉලක්ක කර තිබෙනවා. අද වන විට අප ව්‍යාපාරික සමූහය වඩාත් ඉහළ තාක්ෂණික අඩිතාලමක් සමඟින් වඩාත් ස්ථාවර ස්ථානයක සිටිනවා“, යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Ambeon Holdings PLC හි තවත් අනුබද්ධිත සමාගම් ද්විත්වයක් වන දංකොටුව පෝසිලේන් සහ DI 2017/18 මූල්‍ය වර්ෂය තුළ දී විශිෂ්ට කාර්යසාධනයක් අත්පත් කර ගැනීමට සමත් වී ඇත. මෙහිදී දංකොටුව පෝසිලේන් සිය නවතම සුවිශල් ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් වෙළෙඳපොළ තුළ කැපීපෙනෙන පෙරළියක් සිදුකළ අතර අපනයන සන්නාමයක් ලෙසින් නව්‍ය වූ මෝස්තර හා හැඩතලවලින් යුතු නිෂ්පාදිත එළිදක්වා තවදුරටත් ස්ථාවර වෙමින් සිටී. එසේම විවිධ මාදිලියේ නිෂ්පාදිත සමඟින් ප්‍රති-සන්නාමකරණය වූ DI දේශීය මෙන්ම ගෝලීය වෙළෙඳපොළ තුළ ද අද වන විට විශිස්ට අයුරින් සන්නාමගත වී තිබේ. දංකොටුව පෝසිලේන් සහ DI යනු ශ්‍රී ලංකාවේ ඉහළ ගෞරවාදරයට පාත්‍ර වූ සන්නාම ද්විත්වයකි.
“අපගේ අනාගත යොමුව සඳහා වර්තමානයේ දී මනා ලෙස අපගේ සූදානම පවතිනවා. අපගේ නිෂ්පාදිත ගොනුව මනා ලෙස විවිධාංගීකරණය ගෝලීයකරණය වූ වෙළෙඳපොළක් තුළ ඒවා යළි ස්ථාපිත කිරීම අපේ අභිප්‍රායයි. අපගේ ශක්තිමත් වෙළෙඳපොළ නායකත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් එක් එක් නිෂ්පාදන අංශයන්වල ආයෝජන අඛණ්ඩව සිදුකෙරෙමින් පවතිනවා. ජාත්‍යන්තර නව වෙළෙඳපොළ අවස්ථා උදාවන විට දී අපගේ නිෂ්පාදන අවශ්‍යතාවය පරිදි හැඩගැස්වීමට පවා අපි පියවර ගන්නවා“, යැයි ප්‍රකාශ් මහතා කියා සිටියේය.
මේ අතර Ambeon Holdings PLC හි තවත් අනුබද්ධිත සමාගම් දෙකක් වන සවුත් ඒෂියා ටෙක්ස්ටයිල්ස් සහ රෝයල් ෆර්න්වුඩ් සමාගම් දෙක ද 2017/18 මූල්‍ය වර්ෂය තුළ දී ප්‍රශංසනීය කාර්යසාධනයක් අත්පත් කරගැනීමට සමත් වී සිටී.
සවුත් ඒෂියා ටෙක්ස්ටයිල්ස් (පුද්) සමාගම සිය වාර්ෂික ආදායම 12% ක වර්ධනයක් මෙහිදී වාර්තා කර තිබෙන අතර පසුගිය මූල්‍ය වර්ෂයේ බදු පෙර ලාභ වටිනාකම ඉක්මවීමට 2017/18 මූල්‍ය වර්ෂයේ දී සමත් වී තිබේ. Victoria Secret, Next, Marks & Spencer, Tesco, Calvin Klein, Decathlon හා Adidas වැනි ජාත්‍යන්තර වෙළෙඳ නාමයන්ගෙන් යුතු නිෂ්පාදිත සඳහා අවශ්‍ය කෙරෙන Knitting, Dyeing, Finishing, Printing, Brushing, Sueding හා Preshrunk fabric යනාදී පෙර හා පසු නිෂ්පාදිත අමුද්‍රව්‍ය හා සේවා සැපයීමේ ප්‍රමුඛතම ආයතනයක් ලෙසින් සවුත් ඒෂියා ටෙක්ස්ටයිල්ස් අද වන විට සිය ස්ථාවරත්වය තහවුරු කර ගෙන ඇත.
මේ අතර රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් සමාගම ද විශිෂ්ට කාර්යසාධනයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර පූර්ව මූල්‍ය වර්ෂයට සාපේක්ෂව 2017/18 වර්ෂය තුළ දී සමාගමේ ආදායම 11% කින් සහ බදු ගෙවීමට පෙර ලාභය 239% කින් ඉහළ නංවා ගැනීමට සමත් වී තිබේ.
Ambeon Holdings PLC වසර ගණනාවකට පසු මෙම වසරේ දී සිය පළමු අතුරු ලාභාංශය ප්‍රකාශයට පත් කිරීම ද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. සමාගම් සමූහය තුළ සිදුකෙරුණු මහාපරිමාණ මෙන්ම උපක්‍රමික ව්‍යාපාරික පරිවර්තනයන්ගේ සාර්ථකත්වයට එය කදිම උදාහරණයකි. එසේම සමූහයේ මූල්‍ය සාර්ථකත්වය පිළිබඳ ඉදිරි දර්ශකයක් ලෙසින් ද මෙම ලාභාංශ ප්‍රකාශයට පත් කිරීම හැඳින්විය හැකිය.
මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ් මහතා කියා සිටියේ, සමූහයේ සාර්ථකත්වය වෙනුවෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් අතිවිශිෂ්ට මෙහෙවරක් සිදුකළ බවයි. ඒ වෙනුවෙන් ඔවුන් සඳහා ප්‍රතිලාභ අත්පත් කර දීමට සමාගම විසින් පියවර කිහිපයක්ම ගෙන ඇති බව ද ඔහු පැවසීය. “වේගයෙන් ක්‍රියාත්මක වීම, නාලිකාගත කණ්ඩායම් ක්‍රියාකාරීත්වය, සීමාවෙන් ඔබ්බට ගොස් දැකීම හා ප්‍රතිඵල අත්පත් කර ගැනීම යන මූලික කරුණු ඔස්සේ සකස් වුණු සංවිධානාත්මක ව්‍යූහය මෙම කැපීපෙනෙන ප්‍රගතියට හේතු වුණා. මෙම ආයතනික අගනාකම් මානව සම්පත් කළමාකාරණ පද්ධතිය විසින් අපේ කාර්ය මණ්ඩලයට හොඳින්, වේගවත්ව හා නිපුණත්වයෙන් කටයුතු කරන්නට ලබා දුන් අතිරේක සහායක් වුණා. අප සමාගම් සමූහය නිරන්තරයෙන් සේවකයින් සවිබලගැන්වීම සඳහා සැදී පැහැදී සිටිනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය කෙරෙන සියලූම කටයුතු සූදානම්. අපත් සමඟ බැඳී සිටින ලෙන්ගතු, කැපවීමෙන් සේවයේ යෙදෙන සියලූම සේවකයින් වෙනුවෙන් උපරිම පාරිතෝෂිත හා ප්‍රතිලාභ පමණක් නොව විශේෂ කර්මාන්තගත පුහුණුවීම් වැනි අවස්ථාවන් පවා සලසා දෙනවා“, යැයි ප්‍රකාශ් මහතා අවසාන වශයෙන් අනාවරණය කර සිටියේය.
Ambeon Holdings PLC හි සමූහ සමාගම වන්නේ Ambeon Capital PLC සමාගමයි. එහි කළමනාකරණ සමාගම වශයෙන් Ambeon Holdings PLC කටයුතු කරයි. Ambeon හෝල්ඩිංග්ස් පීඑල්සී හි අනුබද්ධ සමාගම් ලෙසින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ දීර්ඝ ඉතිහාසයක් ඇති මූල්‍ය සේවා ලබා දෙන ප්‍රමුඛතම සමාගමක් වන Taprobane Capital Plus (පුද්) සමාගම හැඳින්විය හැකිය. එසේම මෙරට පේෂකර්මාන්තයේ තවත් කීර්ථ්මත් සමාගමක් වන South Asia Textiles Limited සමාගම ද Ambeon හෝල්ඩිංග්ස් හි අනුබද්ධිත සමාගමකි. Victoria Secret, Next, Marks & Spencer, Tesco, Calvin Klein, Decathlon හා Adidas වැනි ලොව ප්‍රමුඛතම සන්නාමයන් සඳහා Knitting, Dyeing, Finishing, Printing, Brushing, Sueding හා Preshrunk fabric යනාදී නිෂ්පාදන කටයුතු සිදුකෙරනුයේ මෙම සමාගම තුළිනි. තවද පෝසිලේන් පිඟන් භාණ්ඩ හා Oneida, Macy’s, Country Road, Lenox, John Lewis, Crate & Barrel, Megros, Jashanmal, Ralph Lauren, the Walt Disney Company හා Dilmah වැනි ලොව දැවැන්ත සමාගම් සඳහා තෑගි භාණ්ඩ නිෂ්පාදනයේ නිරත දංකොටුව පෝසිලේන් හා රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ලිමිටඩ් යන සමාගම් ද්විත්වය ද පවතින්නේ Ambeon හෝල්ඩිංග්ස් යටතේ ය. මීට අමතරව ලෙදර් පාවහන් හා ආයිත්තම් නිෂ්පාදනයේ යෙදෙන සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් සමාගම, මෙරට බැංකු, විදුලිසංදේශ, ඇඟළුම් ඇතුළු සමාගම් ගණනාවකට තොරතුරු තාක්ෂණ සේවා ලබා දෙන Millennium Information Technologies (පුද්) සමාගම සහ දේපළ වෙළෙඳාම් කර්මාන්තයේ නිරත සමාගමක් වන Colombo City Holdings PLC ද, Ambeon හෝල්ඩිංග්ස් හි අනුබද්ධිත සමාගම් වේ.
Ambeon Capital PLC අධ්‍යක්ෂ මණ්ඩලය මෙහි සඳහන් මෙරට කීර්තිමත් පුද්ගලයින් සමන්විත වේ. සංජීව් ගාඩිනර් (සභාපති/ ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ), අජිත් දේවසුරේන්ද්‍ර (නියෝජ්‍ය සභාපති/ ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ), මුරලි ප්‍රකාශ් (සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී), ප්‍රියන්ත ප්‍රනාන්දු (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර (ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ), රනිල් පතිරන (ස්වාධීන නොවන, විධායක නොවන අධ්‍යක්ෂ), සරින්ද උනම්බුව (ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂ), දේශමාන්‍ය දේවා රොද්‍රිගෝ (ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ).
මේ අතර ඒ.ජී. විරසිංහ (සභාපති/ විධායක නොවන අධ්‍යක්ෂ), මුරලි ප්‍රකාශ් (සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී), රුවන් සුගතදාස (විධායක නොවන අධ්‍යක්ෂ), මංගල බෝයගොඩ (විධායක නොවන අධ්‍යක්ෂ) සහ ප්‍රියන්ත මද්දුමගේ (විධායක නොවන අධ්‍යක්ෂ) යන මහත්වරුන්ගෙන් Ambeon හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලය සමන්විත වේ.
ඡායාරූප
සංජීව් ගාඩිනර් - සභාපති, Ambeon Capital PLC
මුරලි ප්‍රකාශ් - සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී, Ambeon Capital PLC සහ Ambeon Holdings PLC
Video Story