August, 24, 2018
සුපිරි බද්ද ගැනීමෙන් එහි වාසිය රටේ පොදු ජනතාවට හිමිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.
සුපිරි වාසි බද්ද ගෙවූ සම්පූර්ණ සමාගම් ගණන 538ක් වන අතර සුපිරි වාසි බද්ද නොගෙවූ කිසිදු සමගමකින් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කිසිදු සමාගමක් කැඳවා ප්‍රශ්න කිරීමක් සිදු කර නොමැති බවද පැවසූ අමාත්‍යවරයා, “දීර්ඝ කාලයකට මේ රටේ බදු සහන BOI එක හරහා ලබාදී තිබෙනවා. මෙම සහන ලබා දී තිබෙන්නේ කිසිම සීමාවක් නොමැතිවයි. සෑම රජයක්ම මෙය ලබදී තිබෙනවා. අපි අලුත් පනතක් ගෙනැල්ලා දෙන බදු සහන සීමා කර තිබෙන්නේ ආයෝජනයේ ප්රමාණයටයි“ යැයි ද රජ්‍ය අමාත්‍යවරයා පැවසී ය
Video Story