August, 24, 2018
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් හට බිල්පතක් නිකුත් කිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.
මෙහිදී රෝගීන්ගෙන් කිසිදු මුදල් අය කිරීමක් සිදුනොවන අතර අදාළ ප්‍රතිකාර සඳහා රෝහල මගින් දරන ලද වියදම දැන ගැනීම සඳහා මෙයාකාරයෙන් බිල්පත් නිකුත් කිරීමක් සිදුකෙරේ.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලද රෝගියෙකුට නිකුත් කරන ලද එවැනි බිල්පතක් පහතින් දැක්වේ.
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමේ දී ඒ සඳහා රජය විසින් කොපමණ විදයමක් දරන්නේ ද යන්න වටහා ගැනීමට රෝගීන් හට මෙමඟින් අවස්ථාව උදා වී ඇත.

Video Story