ග්‍රිඩ් උප පොල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව Mitshubishi – Ceylex Engineering බද්ධ ව්‍යාපාරයට පිරිනමයි

    August, 27, 2018

    විදුලි බල පද්ධතියේ ජාතික සම්ප්‍රේශණ හා බෙදා හැරීමේ ජාල සංවර්ධන හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා සංරචක 04කින් යුත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත.

    මෙහි දෙවන සංරචකය යටතේ කිරිඳිවෙල, බත්තරමුල්ල, බියගම, කොත්මලේ, වේයන්ගොඩ, පාදුක්ක, කොස්ගම, සීතාවක, තුල්හිරිය, රත්මලාන, පන්නිපිටිය, කොළොන්නාව, අතුරුගිරිය, පොල්පිටිය, උකුවෙල සහ නාවුල ප්‍රදේශවල ග්‍රිඩ් උප‍පොලවල් ආශ්‍රිත ඉදි කිරීම් සහ වැඩිදියුණු කිරීම් සඳහා වන ප්‍රසම්පාදනය Mitshubishi Corporation සහ Ceylex Engineering (pvt) Ltd. විසින් ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.