August, 27, 2018
බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා ඇති ඇළ මාර්ග හරහාත්, බේරේ වැව හරහා කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වාත්, කැලණි ගඟ හරහා සහ අනෙකුත් ජලමාර්ග ඔස්සේ මට්ටක්කුලියේ සිට හංවැල්ල දක්වාත්, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් ජල මාර්ග ඔස්සේ මගී ප්‍රවාහන සේවාවක් පවත්වා ගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත.
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ආකෘතියක් යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීමට පෙර ආරම්භයක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව බේරේ වැව හරහා කොටුවේ සිට යුනියන් පෙදෙස දක්වා වසර 02ක කාලයක් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය යාත්‍රා මිල දී ගැනීමට සහ ජැටි ඉදිකිරීමටද සැලසුම් කර ඇති බවටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරන ලද කරුණු කෙරෙහි අමාත්‍ය මණ්ඩලයේ අවධානය පසුගිය වර කැබිනට් හමුවේ දී යොමු කර ඇත.
Video Story