August, 31, 2018
තමාට පෙර ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ව සිටි පුද්ගලයා පිළිබඳව වෘත්තීය සමිති තමන්ට පෙත්සමක් මගින් කරුණු ඉදිරිපත් කළ බවත්, ඔහු විසින් සතිපතා ආයෝජන ප්‍රවර්ධනයට යැයි කියමින් මිලියන ගණනින් මුදල් ලබා ගෙන ඇති බව එහි සඳහන් වූ බවත් ප්රමුඛ පෙළේ ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා පවසයි. පසුගිය දා කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවති Fireside Chat ව්‍යාපාරික නායකයින්ගේ සංවාදාත්මක සන්ධ්‍යාවට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.
මේ අතර තම සමූහය සතුව තිබූ පැලවත්ත සීනි සමාගම තනි ලියවිල්ලකින් රජයට පවරා ගත් බවත් කොටස්කරුවන් 16,000 කගේ විශ්වාසය බිඳ දැමීමට එය හේතු වූ බවත් පැවසූ ජයවර්ධන මහතා, එම සිදුවීමට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් කටයුතු කරනු ලබන බවත් කියා සිටියේය.
මෙම සම්පූර්ණ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.
Video Story