September, 4, 2018
රුසියානු ගුවන්සේවයක් වන Aeroflot, කොළඹ සහ මොස්කව් නුවර අතර සෘජු ගුවන් ගමන් අරඹන බව නිවේදනය කර සිටී. මේ අනුව කොළඹ සිට මොස්කව් දක්වා Aeroflot පළමු ගුවන් ගමන එළඹෙන ඔක්තෝබර් 28 දින ක්රියාත්මක වීමට නියමිතය.
Aeroflot ගුවන් සේවය සිය නවතම එයාර් බස් A330 යානා මගින් සතියකට 5 වතාවක් කොළඹ හා මොස්කව් අතර පියාසර කරනු ඇත.
Aeroflot යන්නෙහි සරල අර්ථය Air Fleet හෙවත් ගුවන් බලඇණිය ලෙසින් සැලකේ.
එසේම Aeroflot යනු ලොව සිව්වැනියට පැරණිගම ගුවන් සේවයයි. එහි මෙහෙයුම් ආරමභ වී ඇත්තේ 1923 වසරේ දීය.
කොළඹ සහ මොස්කව් අතර ගුවන කාලය පැය 09 කි.
Video Story