අසාමාන්‍ය කොටස් මිල උච්ඡාවචනය ගැන MTD Walkers කරුණු පහදයි

    September, 5, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන MTD Walkers PLC හි කොටස් මිල පසුගිය දින කිහිපය තුළ අසාමාන්‍ය ලෙස උච්ඡාවචනය වීම සම්බන්ධයෙන් සමාගමේ ලෙකම්වරිය වන පී.එස්. ආටිගල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.

    2018 අගෝස්තු 31 දින කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් සිදුකළ ලිඛිත විමසීමකට ප්‍රතිචාර දක්වමින් සමාගම මෙම කරුණු දැක්වීම සිදුකර ඇත.

    සැප්තැම්බර් 28 දින MTD Walkers PLC කොටසක ගනුදෙනු මිල රු. 7.50 දක්වා පහළ යන ලදී. ඉන්පසු දින තුනක් තුළ දී මෙම කොටසක් රු. 11.00 දක්වා සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කළේය. එය දින තුනක් තුළ 46% ක ඉහළ යාමකි. මේ අතර ඊයේ දිනය තුළ දී MTD Walkers PLC කොටසක අවසන් ගනුදෙනු මිල සටහන් වූයේ රු. 13.80 ක් වශයෙනි. එසේම දිනය තුළ දී වාර්තා වූ ඉහළම මිල රු. 15.40 ක් ලෙසින් වාර්තා විය.

    මෙම අසාමාන්‍ය මිල උච්ඡාවචනයන් සම්බන්ධයෙන් සමාගම මෙහිදී කරුණු පැහැදිලි කරමින් කියා සිටින්නේ, කිසිදු මිල සංවේදී ව්‍යාපාර කටයුත්තකට හෝ ගනුදෙනුවකට MTD Walkers PLC සම්බන්ධ වී නැති බවයි.