ඉතිහාසයේ මුල් වරට ඩොලරයේ ගැණුම් මිල රු. 160 හා විකුණුම් මිල රු. 163 ඉක්මවයි

    September, 5, 2018

    ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය අද (05) දිනයේ දී වාර්තා විය.

    මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.1636 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 163.3676 ක් ලෙසින් සටහන් විය.

    එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160 හා විකුණුම් මිල රු. 163 සීමාවන් ඉක්මවා ගිය  පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකේ.