September, 18, 2018
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) දිනයේ දී ඒකක 6,000 න් පහළට පැමිණියේය. අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 5,971.21 ක් ලෙසින් වාර්තා විය.
මීට පෙර අවසාන වරට ඒකක 6,000 න් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණියේ 2017 වසරේ මාර්තු 22 දිනය. මේ අනුව මාස 18 ක් තුළ අවමයට කොටස් වෙළෙඳපොළ පැමිණ තිබේ.
2018 වසර තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීම මේ වන විට 6% සීමවා ඉක්මවා ගොස් ඇත.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,000 සීමාව මුල් වරට ඉක්මවා ගියේ 2010 සැප්තැම්බර් 09 වනදාය.
Video Story