October, 1, 2018
සමස්තයක් ලෙස 2016 වර්ෂය තුළ දී අයෝජන කළඹ තුළ ප්‍රධාන මූලාශ්‍රය වන රජයේ සුරැකුම්පත්වල ආයෝජනයන් පහළ බැසීම හේතුවෙන් ඉදිරි වර්ෂවල දී දිගුකාලීන වශයෙන් අරමුදලේ ආයෝජන ආදායම් අඩුවීමේ ප්‍රවණතාවයක් පවතින බව 2016 සේවක අර්ථසාධක අරමුදල් වාර්ෂික වාර්තාව පිළිබඳ විගණන වාර්තාව මගින් හෙළිදරව් කර තිබේ.
එබැවින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 14 වන වගන්තිය ප්‍රකාරව අරමුදලේ සාමාජිකයන්ට ගෙවිය යුතු වන පොළී ප්රතිලාභ, පෙර වර්ෂවල ගෙවන ලද සියයට 10.5 ක් ඉක්මවූ පොළී ප්‍රතිශතයක් අනාගතයේ දී ගෙවීමේ හැකියාව පවත්වා ගැනීම පිළිබඳ අවදානමක් නොපවතීය යන්න බැහැර කළ නොහැකි බව විගණකාධිපතිවරයා මෙම වාර්තාවෙහි වැඩිදුරටත් දක්වා ඇත.
මෙහිදී විගණකාධිපතිවරයා වැඩිදුරටත් පහත සඳහන් නිරීක්ෂණ සිදුකර තිබේ.
අරමුදලේ ප්‍රධාන ආයෝජන මාර්ගයක් ලෙස සැලකෙන අවදානම් අඩු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳපොළ ආයෝජනයන් 2015 වර්ෂයට සාපේක්ෂව 2016 වර්ෂයේ දී සියයට 50 කින් අසාමාන්‍ය ලෙස අඩු වී ඇත.
එමෙන්ම අරමුදල ද්විතීයික වෙළෙඳපොළ ආයෝජනයන්ගෙන් 2016 මැයි මාසයෙන් පසුව සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති අතර එබැවින් 2015 වර්ෂයේ දී රු. බිලියන 318 ක්වූ භාණ්ඩාගාර බැඳුම්කරවල මුළු ආයෝජනය 2016 වර්ෂය අවසන් වන විට රු. බිලියන 183 ක් දක්වා සියයට 42% කින් අඩු වී තිබේ.
මෙලෙස 2016 වසරේ දී භාණ්ඩාගාර බැඳුම්කර මුළු ආයෝජන පහත වැටී ඇති ආකාරය පිළිබඳ සටහනක් පහතින් දැක්වේ.

මේ අතර සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් හට පසුගිය අවුරුදු 5 ක කාලපරිච්ඡේදය තුළ දී ගෙවා තිබෙන පොළී අනුපාතික ක්‍රමයෙන් පහළ ගිය අයුරු පහත සටහනින් දැක්වේ.

Video Story