October, 3, 2018
ලෝක බැංකු සමූහය විසින් සිය සංවර්ධන අභිමතාර්ථයන් වඩා සාර්ථකව හා තිරසර අයුරින් සාක්ෂාත් කරගැනීම පිණිස එම සමූහය තුළ සිදු කළ යුතු ප්‍රතිව්‍යූහගත කිරීම් හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව එම ආයතනය යටතේ පිහිටා ඇති ආයතනවල සාමාන්‍ය ප්රාග්ධනය සහ වරණීය ප්‍රාග්ධන ඉහළ නැංවීම සහ ඒවායේ රඳවා තබාගත් ආදායම කොටස් බවට පරිවර්තනය කිරීම යනාදී ක්‍රියාමාර්ග සඳහා ශ්‍රී ලංකා රජයේ සහාය පළ කිරීම සහ අවශ්‍ය ගෙවීම් සිදු කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story