October, 3, 2018
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පර්යන්තයේ දැනට පවතින ධාරිතාවය වාර්ෂිකව මගීන් මිලියන 15ක් සඳහා පහසුකම් සැලසීමට හැකිවන පරිදි වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
එම ව්‍යාපෘතිය නිම වන තෙක් මගීන් සඳහා පහසුකම් සැලසීම පිණිස අතුරු පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට යෝජනා වී ඇත.
ඒ අනුව එම අතුරු පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි M/s. China State Construction Engineering Corporation Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මේ අතර ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් සිය සේවාදායකයින්ට සලසනු ලබන සේවාවන් වෙනුවෙන් කරනු ලබන අය කිරීම් රුපියල්වලින් අය කිරීම වෙනුවට විදේශ විනිමය භාවිත කර සිදු කිරීමට අවසර ලබා දීම මඟින් ලබා ගත හැකි වාසිදායක තත්ත්වයන් සලකා, ඒ සඳහා දැනට පවතින ඇතැම් විනිමය පාලන සීමාවන් සංශෝධනය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව ද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබීය.
Video Story