M Power Capital වෙතින් රුපියල් බිලියන 1.5ක සාංගමික ණය සුරැකුම්පත් නිකුතුවක්

    October, 3, 2018

    ශ්‍රී ලංකාවේ මුල්‍ය වෙළදපලට අවශ්‍ය ව්‍යාපාර අත්පත්කර ගැනිම (Mergers & Acquisitions), ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරිම (Business Restructuring) හා අනෙකුත් ව්‍යාපාර මුල්‍ය උපදේශන සේවා සැපයීම මුලික කොටගෙන වර්ෂ 2014 දී M Power Capital Limited (MPC) ආයතනය ස්ථාපිත කරන ලදි. 2018 මැයි මස ඵඡක‍ ආයතනයට අළුතින් එක් වු සාංගමික ණය අංශයේ (Corporate Debt Division) ක්‍රියාත්මක විමත් සමගම මාස තුනක් වැනි කෙටි කාලයක් තුල රුපියල් බීලියන 1.5ට අධික වත්කම් සුරකුම්පත්‍ර (Trust Certificates) වාණිජ පත්‍ර (Commercial Papers) හා ස්ථාවර තැන්පතු (Fixed Deposits) MPC මැදිහත්විමෙන් ප්‍රාග්ධන හා මුදල් වෙළදපලට නිකුත් කරන ලදි. ලංකාව පුරා විහිදුනු බැංකු, සමුපකාර ග්‍රාමිය බැංකු, සණස සංගම්, පෞද්ගලික ආයතන හා පුද්ගලික ආයෝජකයන් අතර මෙම ආයෝජන විකුණනු ලැබුණි. වත්කම් සුරුකුම්පත් නිකුතුව සඳහා මහජන බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව භාරකරු (Trustee) ලෙස කටයුතු කරනු ලැබුණි.

    MPC ආයතනය Active Securities Limited (ශ්‍රි ලංකා මහ බැංකුවේ අනුමත ප්‍රාථමික නියෝජිත ආයතනයක්) හරහා තම ගණුදෙනුකාර භවතුන්ගේ සියලූම භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැදුම්කර අවශ්‍යතාවයන් සපුරණු ලැබේ. මීට අමතරව MPC ආයතනය Ceylon Asset Management (ශ්‍රි ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය ඇති) ආයතනය හරහා ඒකකභාර (Unit Trust) ආයෝජනය හා අරමුදල් කළමණාකරණය (Investment Manager) සේවා ලබා දේ. මේ අනුව MPC ආයතනය හරහා මුල්‍ය වෙළදපලේ සියලූම ස්ථාවර සුරකුම්පත් (Fixed Income Investment) ආයෝජනය කිරිමට හැකියාව ඇත.

    ශ්‍රි ලංකාවේ මුල්‍ය වෙළදපලේ පසුගිය මාස කිහිපය ඇතුලත බලපොරොත්තු නොවු පරිදි සිදුවු වෙනස්කම් නිසා වෙළදපල ද්‍රවශීලතාවයට හා පොලි අනුපාතයන් හට අහිකර බලපෑමක් ඇතිකර තිබේ. මෙම තත්ත්වය කේෂ්ත්‍ර ගණනාවක ඇති ව්‍යාපාර සඳහා නව අභියෝග රැසක් ඇති කර තිබේ. ඵඡක‍ ආයතනයේ සභාපති අනිල් කුරේ මහතා පැවසුවේ ආයතනයට අලූතින් එක් වු වෙළදපල අත්දැකිමෙන් හා පළපුරුදු වලින් අනනුන සාංගමික ණය අංශය මගින් ව්‍යාපාර අංශය මුහුණ දෙන සංකීර්ණ මුල්‍ය ගැටලූ හා අයෝජන අවස්ථා සඳහා නිවැරදි හා කඩිනම් විසදුම් ලබා දිමට හැකියාවක් ඇති බවයි. MPC ආයතනය සතු දේශිය හා විදේශිය සම්බන්දකම් මේ සඳහා මහගු දායකත්වයක් ලබා දෙන අතර ආයතනයේ වැදගත්ම සාරධර්මයක් වනුයේ සියලූම ගණුදෙනු වලදි තම ගණුදෙනුකරුවන් සමග අවංකභාවයෙනුත් විනිවිදභාවයෙන් කටයුතු කිරිමයි. MPC ආයතනය ඉදිරියටත් දේශිය හා විදේශිය ආයතන සහ ආයෝජකයන් සමග වඩාත් ඵලදායි හා දිර්ගකාලීන ගණුදෙනු කිරිමට බලා පොරොත්තු වේ.

    ඡායරූපය (left to right) - නවීන් සමරසේකර (උප සභාපති - ව්‍යාපාර මුල්‍ය සේවා), කෝසල ලියනගේදර (උප සභාපති - ප්‍රාග්ධන වෙළදපල), මේනක වැවේගෙදර (උප සභාපති - ස්ථාවර සුරකුම්පත්), කෙමිත් ද සොයිසා (සහකාර උප සභාපති - ව්‍යාපාර මුල්‍ය සේවා)