October, 26, 2018
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් මේ වන විට සීඝ්රයෙන් පහළ බසිමින් තිබේ.
2018 ඔක්තෝබර් 05 දින සිට අද (ඔක්තෝබර් 26) දින දක්වා පසුගිය දින 21 ක කාලපරිච්ඡේදය සැලකීමේ දී Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.47 සිට ඩොලර් 76.77 දක්වා ද, OPEC Basket බොරතෙල් බැරලයක මිල ඩොලර් 84.09 සිට ඩොලර් 75.04 ක් දක්වා ද පහළ ගොස් ඇත.
මේ අතර පිරිපහදු කරන ලද ඉන්ධන මිල ගණන් ද කැපී පෙනෙන ලෙසින් මෙම වකවානුව තුළ දී අඩුවී තිබේ.
මෙහිදී සිංගප්පූරු වෙළෙඳපොළේ පෙට්‍රල් බැරලයක මිල ඩොලර් 91.85 සිට ඩොලර් 79.10 දක්වා 13.88% කින්ද, ඩීසල් බැරලයක මිල ඩොලර් 98.44 සිට ඩොලර් 90.34 දක්වා 8.23% කින් ද, භූමිතෙල් බැරලයක මිල ඩොලර් 98.35 සිට ඩොලර් 91.78 ක් දක්වා 6.68% කින් ද පහළ ගොස් තිබේ.
2018 ඔක්තෝබර් 05 හා ඔක්තෝබර් 26 දිනයන්ට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් දිනපතා ප්‍රකාශයට පත්කරනු ලබන ජාත්‍යන්තර ඉන්ධන මිල ගණන් සම්බන්ධ සටහන් පහතින් දැක්වේ.

Video Story