October, 29, 2018
පසුගිය දා මෙරට දේශපාලන කරළියෙහි සිදුවූ පෙරළියත් සමඟම ක්ෂේත්‍ර කිහිපයකටම එහි ආනුශංගික ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුව ඇති බව අද දෙරණ Biz වෙත වාර්තා වේ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම මෙම සතිය සහ එළඹෙන සතිය තුළ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ ඉසව් ගණනාවක්ම අවලංගු කිරීමට සිදුවීම මීට හේතු වී තිබේ.
නොවැම්බර් 05 දින මුදල් අමාත්‍යවරයා විසින් අයවැය කථාව ඉදිරිපත් කිරීමට සූදානමින් සිටි හෙයින් ඊට සමගාමීව පූර්ව හා පශ්චාත් අයවැය සම්මන්ත්‍රණ කිහිපයක්ම පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයකම ශාලා මෙකී සම්මන්ත්‍රණ සඳහා වෙන්කරලීමට අදාළ සංවිධායකයින් විසින් පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් ඇති වී තිබෙන දේශපාලන වාතාවරණය තුළ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව නොවැම්බර් 16 දක්වා කල්තැබීමට තීරණය කළ බැවින් අයවැය කථාව අහෝසි වීම හරහා ඉහත කී සම්මන්ත්‍රණ සියල්ල අවලංගු කිරීමට ඒවායේ සංවිධායකයින්ට සිදුව තිබේ. මීට අමතරව පැවති රජයේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබූ උත්සව කිහිපයක් ද අවලංගු කිරීමට ඒවායේ සංවිධායකයින්ට සිදුව ඇත.
මෙම තත්ත්වය තුළ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයකටම හා එම ඉසව්වල සංවිධායකයින් හට දැඩි අපහසුතාවයකට මුහුණ පාන්නට සිදුව ඇති බව වාර්තා වේ.
Video Story