EAP ගනුදෙනුව දූෂිතයි – ඉදිරියේ දී පරීක්ෂණයක්

    October, 29, 2018

    අර්බුදයට ලක්ව ඇති EAP ආයතනය විදේශ ව්‍යාපාරිකයෙකුට පැවරීම ඉතා දූෂිත ගනුදෙනුවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (28) දින සිදුකරන ලද විශේෂ ප්‍රකාශය අතරතුර දී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

    මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපතිවරයා EAP ගනුදෙනුව සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.

    “ඔබ මාධ්‍ය තුළ දැක්කා පසුගිය දිනවල EAP ආයතනයේ ගනුදෙනුවක් පිළිබඳව. ඒ ආයතනය විදේශීය ව්‍යාපාරිකයෙකුට බාරදුන්නා. ටෙන්ඩර් කැඳවීම් නැති ඉතා දූෂිත ගනුදෙනුවක් EAP වෙළෙඳ ව්‍යාපාරයේ ගනුදෙනුව. මේ පිළිබඳව ඉදිරියේ දී පුළුල් පරීක්ෂණ කිරීමට බලාපොරාත්තු වෙනවා.“