November, 5, 2018
මෙරට විශාලතම පෞද්ගලික රෝහල් ජාලය වන ආසිරි රෝහල් සමූහය විසින්, හේමාස් සදර්න් රෝහලේ පූර්ණ හිමිකාරීත්වය අත්පත් කර ගෙන තිබේ.
මේ බව නිල වශයෙන් තහවුරු කරමින් ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් හා හෝමාස් හෝල්ඩිංග්ස් යන ලැයිස්තුගත සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් ඇත.
මෙම ගනුදෙනුව පසුගිය සිකුරාදා (02) සිදුකර තිබේ.
මේ සම්බන්ධයෙන් ආසිරි රෝහල් සමූහය කිසා සිටින්නේ සිය ආරෝග්‍යශාලා හා රසායනාගාර සේවාවන් දකුණු පළාත තුළ ව්‍යාප්ති කිරීමට මෙම ගනුදෙනුව බෙහෙවින් ඉවහල් වන බවයි.
මේ අතර හේමාස් සමූහය පවසන්නේ, මෙම ගනුදෙනුවෙන් පසුව හේමාස් සදර්න් රෝහල යටතේ සිටි සියලු කාර්ය මණ්ඩලය නව හිමිකාරීත්වය යටතට පත්වනු ඇති බවයි. එසේම මෙම කර්මාන්තයේ ඉහළ අත්දැකීම්ලත් ආයතනයක් වන ආසිරි රෝහල් සමූහය විසින් මෙම රෝහල තවදුරටත් වැඩිදියුණු කරමින් දකුණු ලක ජනතාවට විශිෂ්ට සේවාවක් ලබා දෙනු බවට ඉහළ විශ්වාසයක් ඇති බබ හේමාස් හෝල්ඩිංග්ස් වැඩිදුරටත් කියා සිටී.
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා ප්‍රමුඛ කොටස් හිමිකාරීත්වය දරනු ලබන සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී, ආසිරි රෝහල් සමූහයේ ප්‍රධානතම කොටස්කරුවා වේ.
Video Story