ඩොලරය රු. 176 යි

    November, 5, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (05) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 172.1612 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 176.0543 ක් ලෙසින් සටහන් විය.

    පසුගිය සතිය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විශාල පිරිහීමක් වාර්තා කරමින් ඩොලරයේ විකුණුම් මිල රු. 177 සීමාව ද අභිබවා ගිය නමුත් සිකුරාදා (02) දිනයේ දී එය රු. 175.8240 ක් දක්වා කැපී පෙනෙන ලෙසින් පහළ ගියේය.

    එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් පසුගිය ඔක්තෝබර් මාසය තුළ දී සියයට 4.5 කින් අවප්‍රමාණය වී ඇති අතර 2018 වසරේ මේ දක්වා කාලය තුළ දී එහි කඩා වැටීම සියයට සියයට 13.5 ක් ලෙසින් වාර්තා වේ.