November, 5, 2018
පසුගිය 2018 ඔක්තෝබර් 29 සිට නොවැම්බර් 02 දක්වා සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රුපියල් බිලියන 3.86 ක ශුද්ධ විදේශ ගලා යාමක් වාර්තා වේ.
සතිය තුළ සමස්ත විදේශීය මිල දී ගැනීම් ප්රමාණය රුපියල් බිලියන 2.65 ක් ලෙසින් වාර්තා වන අතර එම කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 6.51 ක විදේශීය විකුණුම් ප්රමාණයක් වාර්තා වේ.

මෙම සතිය තුළ සිදු කෙරුණු කොටස් ගනුදෙනුවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 9.91 කි.
සතිය ආරම්භයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,831.96 ක් ලෙසින් සටහන් වාර්තා වූ අතර සතිය අවසානයේ දී එය දැක්වුණේ ඒකක 6,092.21 ක් ලෙසිනි. මේ අනුව පසුගිය සතිය තුළ දී ඒකක 260 ක එනම් 4.46% ක වර්ධනයක් කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබේ.

එසේම පසුගිය සතිය තුළ 7% කින් හෙවත් ඒකක 211 කින් S&P SL20 දර්ශකයේ ඉහළ යාමක් වාර්තා වියත සතිය ආරම්භයේ දී ඒකක 2,997.33 ක් ලෙසින් සටහන් වූ එහි අගය සතිය අවසානයේ දී දැක්වුණේ ඒකක 3,208.43 ක් ලෙසිනි.
Video Story