මුල් මාස 10 දී පැමිණි සංචාරකයින් ගණන දහඅට ලක්ෂය ඉක්මවයි

    November, 9, 2018

    2018 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මාස 10 ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 1,885,045 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

    කෙසේ වෙතත් පූර්ව මාස හා සැසඳීමේ දී පසුගිය ඔක්තෝබර් මාසයේ දී පැමිණ ඇති සංචාරක සංඛ්‍යාවෙහි  වර්ධනය මන්දගාමී වී තිබේ. එය 2017 වසරේ ඔක්තෝබර් මාසයට වඩා 0.5% ක් තරම් පහළ අගයකි.

    2018 ඔක්තෝබර් මාසයේ දී චීනයෙන් පැමිණ ඇති සංචාරකයින් ගණන් 13.6% කින්  පහළ ගොස් ඇති අතර එක්සත් රාජධානියෙන් පැමිණ ඇති සංචාරකයින් ගණන 41.2% කින් ඉහළ ගොස් ඇත.