December, 21, 2018
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 මුල් මාස 04 සඳහා අදාළ වන පරිදි අතුරු සම්මත ගිණුම අද (21) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
රුපියල් බිලියන 1765 ක වටිනාකමකින් යුතු මෙම අතුරු සම්මත ගිණුම මගින් රුපියල් බිලියන 795 ක් රජයේ පුනරාවර්තන වියදම් ලෙසත්, රුපියල් බිලියන 965 ක් මූලධන වියදම් ලෙසත් වෙන්කර ඇති බව මුදල් අමාත්‍යවරයා, මෙම අතුරු සම්මත ගිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.
මෙහිදී වැඩිදුරටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසුවේ රුපියල් බිලියන 5 ක් රජයේ අත්තිකාරම් ලෙස වෙන්කරනු ලබන බවයි.
Video Story