පෙට්‍රල් රු. 10 කින් පහළට

    December, 21, 2018

    ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරනු ලබන ඉන්ධන මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි පහළ දමනු ලබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.

    මේ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 125 දක්වා හා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 149 දක්වා රුපියල් 10 බැගින් අඩුවනු ඇත.

    මීට අමතරව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 101 දක්වා රුපියල් 05 කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 121 දක්වා රුපියල් 10 කින් ද පහළ යනු ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.