December, 21, 2018
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 178.7451 ක් හා විකුණුම් මිල රු. 182.7137 ක් ලෙසින් අද (21) දිනයේ දී වාර්තා විය. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් නියම වූ ඉහළම රුපියල් වටිනාකම ලෙසින් වාර්තා වේ.
මීට පෙර ඩොලරයක් වෙනුවෙන් වාර්තා වු වැඩිම රුපියල් අගය වූයේ පසුගිය නොවැම්බර් 28 දින ඩොලරයක ගැණුම් මිල රු.178.3257 ක් හා විකුණුම් මිල රු. 182.2733 ක් ලෙසින් වාර්තා වීමයි.
Video Story