December, 29, 2018
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 දෙසැම්බර් මස 27 වැනි දින පැවති රැස්වීමේ දී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 8.00 සහ සියයට 9.00 මට්ටමේ පවතී.
මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ලෙස පවත්වා ගැනීම මගින් ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වීමේ අරමුණ ඇතිව, දැනට පවත්නා සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, දේශීය මූල්‍ය වෙළඳපොළේ මෙන්ම ගෝලීය ආර්ථිකයේ වර්ධනයන් මුදල් මණ්ඩලය සැලකිල්ලට ගනු ලැබීය.
Video Story