හරීන්ගෙන් ‘ඩිජිටල්‘ හැලෙයි. මලික්ගෙන් ‘විද්‍යා තාක්ෂණ‘ ගැලවෙයි

    December, 29, 2018

    පසුගිය දා දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයේ සාමජිකයන් වන හරීන් ප්‍රනාන්දු හා මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් යටතේ තිබූ අමාත්‍යංශ කිහිපයක් ඉවත් කර තිබේ.

    මේ අනුව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය ද, සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් මලික් සමරවික්‍රම මහතාගෙන් විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ද ඉවත් කර තිබේ.

    මෙම අමාත්‍යාංශ සඳහා පිළිවෙලින් කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී. පෙරේරා මහතා සහ සුජීව සේනසිංහ මහතා පත්කර ඇත.

    මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍ර 3 ක් පහතින් දැක්වේ.