ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ්‍රී ලංකාවේ රුපියලත්..

    January, 1, 2019

    2018 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 19% කින් අවප්‍රමාණය වී තිබේ. මේ අනුව ශ්‍රී ලංකා රුපියල, ආසියාවේ දුර්වලම විනිමය අතරට එක්ව ඇති බව රොයිටර් පුවත් සේවය කියා සිටී.

    ඊයේ (31) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 180.7202 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 184.6966 ක් ලෙසිනි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ නවතම දත්තවලට අනුව 2018 දෙසැම්බර් 26 දින වන විට ශ්‍රී ලංකාවේ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් රුපියල් බිලියන 159.8 ක ශුද්ධ විදේශීය ගලා යාමක් වාර්තා වී ඇත.