January, 7, 2019
කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) පුර්ණ හිමිකාරිත්වය සහිත සමාගමක් වන මධ්‍යම තැන්පතු ක්‍රම පුද්ගලික සමාගම (CDS) විසින් ඉටුකරනු ලබන සාංගමික කටයුතු සේවා සහ රෙජිස්ට්‍රාර් සේවා ලබාගැනීමට ඩිස්ටිලරිස් කොම්පැනි ඔෆ් ශ්‍රී ලංකා (DCSL) සහ මෙල්ස්ටාස්කෝප් (Melsta) පුද්ගලික සමාගම් ගිවිසුමකට එලඹී ඇත. මෙම සේවාව CDS ආයතනය විසින් 2018 වර්ෂයෙහිදී දියත් කල අතර වර්තමානයේදී කර්මාන්ත ක්ෂෙත්ර 8ක් නියෝජනය කෙරෙන සමාගම් 18ක් සදහා මෙම සේවාව සපයනු ලැබේ. මෙම ගිවිසුම අනුව CDS ආයතනය ඩිස්ටිලරිස් කොම්පැනි ඔෆ් ශ්‍රී ලංකා (DCSL) සහ මෙල්ස්ටාස්කෝප් (Melsta) පුද්ගලික සමාගම් සදහා කොටස් ලෙජර් පවත්වා ගැනීම, මුදල්/කොටස් ලාභාංශ නිකුතු, හිමිකම් නිකුතු, කොටස් විභජනනය, සංචිත ප්‍රාග්ධනීකරණය සහ අනිකුත් සාංගමික කටයුතු යනාදීය සදහා රෙජිස්ට්‍රාර් සේවා සපයනු ලැබේ.
මෙම නවතම සේවාව CDS ආයතනය විසින් හදුන්වාදීමේ මුලික හේතුව වූයේ ලොව පුරා ඇති තැන්පතු ආයතන ගණනාවක් සිය සම්ප්‍රාදායික එදිනෙදා කටයුතු පුළුල් කරමින් පාරිභෝගීක හිතකර නව සේවා සහ තාක්ෂණය වැඩි දියුණු කිරීමට දැක්වූ ප්‍රවණතාව සමගයි.
මෙම ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් මධ්‍යම තැන්පතු ක්රමයෙහි ප්‍රධානී නලින් ෆොන්සේකා මහතා සදහන් කළේ “ අපේ සංවර්ධන ක්රියාදාමයෙදී නව යුගයක් සලකුණු කරමින් CDS ආයතනය විසින් ආරම්භ කල මෙම නවතම සාංගමික කටයුතු සේවා සහ රෙජිස්ට්‍රාර් සේවාව මගින් ගනුදෙනුකරුවන්ට වඩාත් හොද සේවාවන් ලබාදීමට අවකාශය ලැබෙනවා. අපගේ සේවාදායක ආයතන අතරට ඩිස්ටිලරිස් (DCSL) සහ මෙල්ස්ටාස්කෝප් (Melsta) පුද්ගලික සමාගම් සාදරයෙන් පිලිගනු ලබන අතර අපගේ සේවා පිළිබඳව තබා ඇති විශ්වාසය තහවූරු කිරීමට අපි ඉදිරියෙදී බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.
“ලැයිස්තුගත සමාගමකට සාංගමික කටයුතු සේවා සහ රෙජිස්ට්‍රාර් සේවා අත්‍යවශ්‍ය සේවා වන අතර CDS වෙළෙඳපොළෙහි වසර 25කට අධික පළපුරුදු ආයතනයක් ලෙස මෙම නව සාංගමික කටයුතු සේවා තුලින් ලැයිස්තුගත සමාගම් හට පුළුල් වූ සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට අපට හැකි වී තිබෙනවා”යනුවෙන් එතුමා තවදුරටත් සදහන් කළේය.

Video Story