බදු හැරවුමෙන් කුඩා තේවතු ශුද්ධ ලාභ ලබයි

    January, 18, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන TEA SMALLHOLDER FACTORIES PLC, 2018 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව වෙනුවෙන් රුපියල් මිලියන 13.71 ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ. මෙය 2017 දෙසැම්බර් කාර්තුව හා සැසඳීමේ දී 47% ක වර්ධනයක් ලෙසින් සටහන් වේ.

    කෙසේ වෙතත් මෙම ශුද්ධ ලාභය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රුපියල් මිලියන 8.96 ක බදු ප්‍රතිවර්තනයකි (Reversal). මේ පිළිබඳ විශේෂ සටහනක් මූල්‍ය ප්‍රකාශනයෙහි දක්වා ඇත.

    කාර්තුවේ වාර්තා වන ශුද්ධ ලාභය ඒ අනුව 47% කින් ඉහළ ගොස් තිබුණ ද, සමාගමේ බදු ගෙවීමට පෙර ශුද්ධ ලාභය රුපියල් මිලියන 13 සිට රුපියල් මිලියන 4.74 ක් දක්වා 64% ක පහළ යාමක් පෙන්නුම් කරනු ලබයි.

    මේ අතර 2018 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී සමාගය ලබා ඇති ශුද්ධ අලාභය රුපියල් මිලියන 15 ක් ලෙසින් සටහන් වේ. මෙය 2017 අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 128% ක පහළ යාමකි.

    TEA SMALLHOLDER FACTORIES PLC හි ප්‍රමුඛ කොටස්කරුවා වන්නේ සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 37.62% කට හිමිකම් කියනු ලබන John Keells Holdings PLC විසිනි. Akbar Brothers Limited (24.39%) හා Central Finance Company PLC (22.85%) පිළිවෙලින් TEA SMALLHOLDER FACTORIES PLC දෙවැනියාට හා තෙවැනියාට විශාලතම කොටස්හිමියන් වේ.

    Video Story

    Stock Market

    Exchange Rates